(ආනන්ද ඉ ජයකොඩි)

වේයන්ගොඩ නගරාසන්නයේ පදිංචි විවාහක කාන්තාවකට අසභ්‍ය ළිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන ඇගේ , ජංගම දුරකථනයට යවා ඇයට  අයුතු යෝජනාවක් කළ බව කියන වේයන්ගොඩ  ව්‍යාපාරිකයකු  අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.

වේයන්ගොඩ නගරාසන්නයේ පදිංචි විවාහක කාන්තාවකට අවස්ථා කිහිපයක්ම අසභ්‍ය ළිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන ඇගේ ජංගම දුරකථනයට යවා අයුතු යෝජනා කරමින් ඇයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ පවත්වා සැකකාර ව්‍යාපාරිකයා එසේ අත් අඩංගුවට ගෙන ඇත.