IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කතක් ඉදිකිරීම් කරන මුවාවෙන් කෝටි ගණනක් වංචා කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගලික ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අංගොඩ හිඹුටාන මුල්ලේරියාව නව නගරයේ සැකකාරිය කාර්යාලය පවත්වාගෙන යමින් එහි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කර ඇති අතර කාර්ය මණ්ඩලයට වෙනත් කිසිවකු නැතැයි පොලිසිය කියයි.

කොළොන්නාව ප්‍රදේශයේ කන්තාවකගෙන් දෙමහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 80 ක ට ඉදිකර දෙන බව පවසා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 57 ක් ලබාගෙන අඩක් පමණක් නිවසේ වැඩ කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

ස්ථීර ලිපිනයක් සැකකාරියට නොමැති බවත් සහෝදරයකු මාර්ගයෙන් සැකකාරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම කළ බව උසස් නිලධාරියෙක් පැවැසීය.

 

 



අදහස් (0)

කතක් ඉදිකිරීම් කරන මුවාවෙන් කෝටි ගණනක් වංචා කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site