
(යොහාන් භාසුර)
මෙරට පවතින කැත, මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගය පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය උපයෝගී කරගෙන රාජ්‍ය මුදල්, රාජ්‍ය වාහන, රජයේ කාර්යාල සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) පැවසීය.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.
විපක්ෂ නායකවරයා විපක්ෂ නායක කාර්යාලය ජනාධිපතිවරණ ප්‍රචාරයට යොදාගනිමින් සිටින බවත් ඒ සියලු දෙනා රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපළ යොදවා ගනිමින් කටයුතු කරන ආකාරය සියලු දෙනාට දැකගත හැකි බවත් දිසානායක මහතා කීය.
ප්‍රචාර දීමේදී සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ කාලයක් දීමේ වගකීම මාධ්‍යයටත් පැවරී තිබෙන බව කී ඒ මහතා ඇතැම් මාධ්‍ය ආයතන තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනයට සමස්ත මාධ්‍ය ජාලයම යොදවා ඇති බව ද සඳහන් කළේය.
තෝරා ගත් අපේක්ෂකයාට අභියෝගයක් වන්නේ යැයි කල්පනා කරන අනෙක් දේශපාලන කඳවුරට අසත්‍ය, අභූත චෝදනා එල්ල කරමින් සිටින බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා එයත් බාධාවක් මෙන්ම මේ වන විට ඡන්දදායකයන්ට අල්ලස්දීමේ ක්‍රියාවලියකුත් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා පැවසීය.
බරපතළ ගැටුම්කාරී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් ඇතිවෙයි කියලා අනුමාන නොකරන බවත් ආණ්ඩුවට මහජන බලයක් නොමැති වීම නිසා එවැනි ප්‍රවේශයක් ගැනීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පැවසීය.
මහජන බලය ශූන්‍ය වූ දේශපාලන ව්‍යාපාරයකට එවැන්නක් කිසිසේත් කළ නොහැකි මෙන්ම පොදුවේ මැතිවරණ ව්‍යාපාරය සාධාරණ වේ යැයි බලාපොරොත්තු නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ මතය නිරවුල්ව ප්‍රකාශ කරගැනීමට පසුබිම සකස් කරමින් මැතිවරණ ක්‍රියාවලියේ එම පක්‍ෂය යෙදෙන බවත් අනුර කුමාර දිසානායක මහතා කීය.
ජාතික ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය මේ මස 17 වැනි සෙනසුරාදා ආරම්භ කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ, මාතර නගරයේ සහ ගාල්ල නගරයේ ප්‍රධාන මහ රැලි තුනක් පවත්වන බවත් ඉන් පසුව උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව මෙරට සෑම දිස්ත්‍රික්කයකම සියලු ආසන නියෝජනය වන පරිදි මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් දිසානායක මහතා සඳහන් කළේය. නගරවල සිට ගම් දක්වා තවත් රැස්වීම් මාලාවක් ද, නිවෙස් ආශ්‍රිතව කරන ගෘහස්ථ සාකච්ඡා ගෙයින් ගෙට ගොස් කරන ජනතාව දැනුම්වත් කිරීම් එම පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරයට ඇතුළත් බවත් ඒ මහතා පැවසීය.
අවම වශයෙන් සෑම නිවසකටම දෙපාරක් යන්න සැලසුම්කර තිබීම නිසා 15 වැනිදා සිට නිවෙස්වලට ගොස් පුරවැසියන් මුණගැසීමේ ව්‍යාපාරය ආරම්භ කරන බව කී දිසානායක මහතා පැවසුවේ සෑම නිවසකටම මූලික ප්‍රතිපත්තීන් සහ අපේ පණිවිඩය ගෙන යාම සඳහා කුඩා පත්තරයක් බෙදීමට සැළසුම් කර ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට ආවොත් යමක් කළ යුතුමයි. නැත්නම් දේශපාලයෙන්ම අතුගෑවිලා යාවි...!
ඉවර කරන්නේ ගමට අධිකරණ බලය දීලාද? කැට හොල්ලපු අය නඩුකාරයෝ කරලද? එහෙම අඳුරු යුගත් අතීතයේ තිබුණා මතකයි..
ජයවේවා, එය කල හැක්කේ ඔබට පමණයි, පොහොට්ටු කල්ලි දෙක, සජිත්, රනිල් කල්ලි හතර අතර හුවමාරුවන බොල් චරිත වැද්ද නොගන්නා ඔබ අපට විශ්වාසයි. අවලාද නගන අයගෙන් අසනුයේ ඔබ පත්කළ අය අපට අනාගතයක් නිර්මාණය කර තිබේද යන්නයි..! .
කැත මජර දේශපාලනය නැත්නම් ආසනයත් පරාද රටේම එක ආසනයක්වත් දිනන්න බැර්‍රිවෙච්චි ලැයිස්තුවෙන් ජාම බේරා ගත්ත රනිල් ජනාධිපති වෙන්නේ කොහොමද?
කැත මජර දේශපාලන තුරන් කරන්න නම්. තමුන්ලා වැනි කැත මජරයෝ ලංකාවෙන් සදහටම තුරන් කරල දාන්න ඕනෑ...
ඔයාලා කරන්නෙත් කැත මජර දේශපාලනයක් තමයි. කෝටි ගණන් වියදම් කරලා රැස්වීම්, සමුළු, සම්මන්ත්‍රණ තියනවා... ලක්ෂ ගණන් වටිනා බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳිනවා. ව්‍යාපාරික පන්තියේ ටිකට් අරන් ලෝකේ වටේ සවාරි ගහනවා. ඒත් වේදිකාවේ දුප්පත්කම විකුණනවා. ඒක කොච්චර කැත, මජර දේශපාලනයක්ද?
රටම මාලිමාවට කියලා පුරසාරම් දොඩවපු උදවිය මෙන්න දැන් කියනවා ගෙවල් ගානේ යනවාලු. ඡන්දේ දවස වෙනකොට 3%ක් වත් ඉතුරු වෙයිද දන්නේ නෑ...!
ඉගුරු දී මිරිස් ගැනීම! ඔබතුමා හොද ඇති. නමුත් ලාල්කාන්ත වගේ තක්කඩි ඉන්න, රටක අහිංසක මිනිස්සු මරා දාපු මිනීමරුවෝ ඉන්න පක්ෂයක් විස්වාස කරන්න කියනවා නම්, ඔබ කොහොමද වග වෙන්නේ ඒ වගේ තක්කඩි දේශපාලනයක් සිදු නොවේවි කියලා? ලංකාවෙ ඉංජිනේරුවන් දොස්තරලා ලක්ෂ ගණන් ඉන්දැද්දි ඔබ පක්ෂයේ හරිනි වැනි කිහිප දෙනෙක් හැර ඉතිරි අය ගත්තොත්, වෙනසක් නැහැ කියලා තේරෙන්නෙ නැද්ද? ඔබ කොහොමද ඒ වගේ තක්කඩි බලය ලැබුනයින් පසු මෙල්ල කරන්නේ? ඔවුන් තමයි 80%ක් පමණ ඉන්නේ. අනුර කුමාර හොද මනුස්සයෙක් බව පේනවා. අපිට අවශ්‍ය නෑ ඉංග්‍රීසි. ඒවා පැත්තක දාන්න. නමුත් ඔබ බලන්න වැදගත් මහත්මා ගති ඇති කී දෙනෙක් ද ඉන්නේ කියලා. දැන් මේක කිව්වාම කියාවි මම විරුද්ධයි කියලා ජවිපෙට. නෑ මහත්මයා, එහෙම එකක් නෑ. අපි ආදරයෙන් බලා සිටිනවා ඔබ රටේ බලය ලබා ගනීවි කියලා. නමුත් අවංක සත්‍ය මේකයි මට දැනෙන. ඔබ සහ හරිනි වැනි කීප දෙනෙක් හොදයි. නමුත් මේක රටක්. ජවිපෙ කියන්නේ බලය වෙනුවෙන් මිනීමරපු පක්ෂයක්. නෑ කියන්න එපා. හේතු කියන්න එපා. ඒකෙ සෙවනැලි අපි අරගලය කාලෙ දැක්කා. මහින්ද හෝ ජේ ආර් හෝ ප්‍රේමදාස හෝ අවශ්‍ය වාතාවරණය හදනවා. ඔයාලා ඒකෙ අපරාධ කරනවා. අන්තිමට හේතු කියනව
ස්ට්‍රයික් කරල කප්පම් ගන්න එකද? රට උඹට දුන්නොත් හොඳට හිටී. ලංකදීපෙට කීයක් දුන්නද මුනත්තහඩුව දැක්කම දවසම මුස්පේන්තුයි.
මෙයා නොගිය පක්ෂය පොදු පෙරමුණ පමණයි