(කාංචන කුමාර ආරියදාස)

කණ්ඩලම ජලාශයේ වාන ආසන්නයේ දියනෑමට තහනම් කර  ඇති ස්ථානයකින්  දියනෑම සඳහා ගියා තරුණයෙකුට  දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව දඹුල්ල පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ  මාවනැල්ල තම්බුක  පදිංචි පී.ජි .  මධුසංක ලහිරු බණ්ඩාර 22 හැවිරිදි තරුණයෙකි.

පේරාදෙණිය සරසවි කාර්ය මණ්ඩලය විනෝද චාරිකාවක් සඳහා දඹුල්ල සීගිරිය කණ්ඩලම ආදී ප්‍රදේශවල  පැමිණ ඔවුන්ගේ දුවා දරුවන් සමඟ විනෝද වීම සඳහා කණ්ඩලම ජලාශයට පැමිණ තිබේ.

ඒ අතරතුරු පිරිසක්  කණ්ඩලම ජලාශයේ අනාරක්ෂිත  දිය නෑම සඳහා නුසුදුසු බවට රතු කොඩි පවා ප්‍රදර්ශනය කර  දැනුම් දී ඇති ස්ථානයක  දීයනෑම සඳහා ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම තරුණයා දියේ ගිලි  යාමත්  සමඟ බේරා ගැනීම සඳහා ඔවුන්ගේ පිරිස උත්සාහයක නිරත වෙද්දී එම උත්සාහයද අසාර්ථක වී ඇතැයිද කියයි.

කෙසේ වෙතත් දඹුල්ල පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් එක්ව සිදුකරන ලද  මෙහෙයුමකදී පරිශ්‍රමයක් දරා දියේ ගිලී සිටි තරුණයාගේ තරුණයා ගොඩට ගෙන  ප්‍රථමාධාර ලබාදීමට පියවර ගත් බව පොලිසිය කියයි