
(ඩයනා උදයංගනී සහ කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා උදෑසන 5.25 ට ගමන් ඇරඹූ අංක 9649 දරණ දුම්රිය කොස්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක්ව ඇත.
ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.
දුම්රිය පීලි පැනීම නිසාවෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.
පීලි පනින ලද දුම්රිය එන්ජිම පීලි ගත කිරීම සහ දුම්රිය මාර්ගය අළුත්වැඩියා කිරීම දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර තිබුණි
(ඡායාරූප: කේ බුද්ධික කුමාරසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට මේ පීලි පනින මේන්ටේන් නොකරන පීල්ලෙද සුද්දෝ යවලා ගානක් කඩා ගන්න හදන්නේ .බොරු පෙන්නලා
සවි කර තිබෙන කණුවට පිං අයිති වෙන්න ඔය තරමින් බේරුනාට.
පීලි පැන්නාම ඇවිත් හදන්න... වළක්වන්න පරීක්ෂාවක් නැහැ... රේල් ගේට්ටුවේ විදුලි ලාම්පු දරුවෙක් සහ කාන්තාවන් දෙන්නෙක් මැරුණාට පස්සේ ඇවිත් හැදුව ගම්පහ ඔහොම තමයි....
දුම්රිය සේවය ඉතා භයානක අන්දමට බිඳ වැටිලා. මේ කාලේ පීලි පැනීමට ලක්වීම් වැඩි. සතියට පීලි පැනීම් තුනක් හෝ වාර්තාවනවා. සේවකයෝ ළඟදී පැවසුවේ අමතර කොටස් හිඟයි කියලා. ඩොලර් නොමැති එක මේකට බලපානවා කියලා. මෙහෙම රටක් කරන්න පුළුවන්ද? වර්තමාන ජනාධිපති සහ ආණ්ඩුව බලයේ හිටියට වැඩක් වෙන්නේ නැහැ.
කෝච්චියක් පීලි පැනීම සාමාන්‍ය දෙයක්... නමුත් නඩත්තු කටයුතු සම්බන්ධව තරමක් වැඩි අවධානයක් යොමුකිරීම කළ යුතුයි.
අහෝ වසර හැත්තෑ පහක ප්‍රගතිය...
නඩත්තුවට තිබුන මුදල් මාටිය ගහලා .. කාලකන්නි රාජපක්ශකයො ඉදිරියෙම ඔක්කොම ගරා වැටෙනව .