(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම ජලාශයේ දියනෑමට ගිය 19 හැවිරිදි තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ පොල්ගහවෙල පදිංචි ලක්ෂිත සංදීප 19 හැවිරිදි කණ්ඩලම පෞද්ගලික සංචාරක නිකේතනයක සේවය කරමින් සිටි තරුණයෙක් බව පොලිසිය කියයි.
හෝටලයේ සේවය කරන තවත් තරුණයන් දෙදෙනකු සමග කණන්ඩලම වැවේ වාන අසලට දිය නෑම සඳහා පැමිණ තිබෙන බවත් පසුව ඔවුන් දිය කෙලියේ යෙදී සිටින අවස්ථාවේ දී මෙම තරුණයා දියේ ගිලී ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුරුව අනික් මිතුරන් දෙදෙනා ගේ කෑකෝ ගැසිල්ල ඇසී ප්‍රදේශවාසීන් මෙන්ම එම ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් ජීවිත ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි දඹුල්ල පොලිසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පැමිණ දියේ ගිලුණ තරුණයා ගොඩගෙන දඹුල්ල රෝහලට රැගෙනවිත් තිබේ
මෙම තරුණයන් දියනෑමට පැමිණි ස්ථානය දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ දැන්වීම් පුවරු සවි කොට තිබේ. එමෙන්ම එම ස්ථානයේ මත්පැන් පානය කිරීම තහනම් ලෙසත් දිය නෑමට පෙර අවවාදාත්මක දැන්වීම් පුවරු කියවන ලෙසත් දැනුවත් කිරීමේ දැන්වීම් පුවරු රැසක් සවිකර ඇතැයි පිරිස් පෙන්වා දෙති.
මියගිය තරුණයාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්ෂක ඩබ්බ්ලි. එම් .ජේ .බුලාගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවව තිබිණි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කණ්ඩලම වැවේ දිය නෑමට ගිය තරුණයා මරුට