(ඩයනා උදයංගනී)
නගරවල කඩ සාප්පු වසාදැමීම පසුපස ඇත්තේ ද දේශපානයක් බවත්, එහි අරමුණ රට තුළ වෙනත් මතයක් ගොඩනැගීම බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනතාව කඩසාප්පු වසාදැමීමට පෙර කළ යුතුව තිබුණේ උද්ඝෝෂණවලට සහයෝගය නොදී ඒවා නතර කිරීම බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
නමුත් එම අවස්ථාවේදී ජනතාව කළේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බව සිතා කරන ඒවාට සහයෝගය ලබාදීම බව කී ඇමතිවරයා එදා කඩ වසා උද්ඝෝෂණ එපා යැයි කියන්නට තිබූ බවද කීවේය.
මේ සැම දෙයක්ම පසුපස ඇත්තේ දේශපාලනය බව කී ඇමතිවරයා ඔවුන්ගේ උත්සාහය රට අක්‍රීය කිරීම බවද පැවසීය.
මෙවැනි දේ කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකළ පිරිස් යැයි ද ඇමතිවරයා කීය.
උද්ඝෝෂණ නිසා ඇතිවන කොවිඩ් පොකුර නැවැත්වීමට උත්සාහ කිරීමේදී ඇතැමුන් එය දේශපාලන මර්දනයක් ලෙස දුටු බව කී ඇමතිවරයා විපක්ෂයට අවශ්‍ය ජනතාවගේ මලමිනී මතින් හෝ දේශපාලනය කිරීම බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ටර්නෙට් එක හරහා මෙයාට කණට දෙකක් ගහන්න පුළුවන් විදිහක් තියෙනවා නම් දන්න එකෙක් කියන්නකෝ...!!!
මේ වගේ මිනිස්සුන්ගේ දේශපාලනයත් දැන් රටේ මිනිස්සුන්ට අරහං වෙලයි තියෙන්නේ... කඩ, නගර වැහෙන එකෙන් එක මනුස්සයෙක් නෙවෙයි, මිනිස්සුන් බොහෝමයක් මේ වසංගත මරුවාගෙන් බේරෙන බව තැබෑරුම් මොලගෙඩියට තේරුම් ගන්න බැරිද? කුරුණෑගල මෝඩපහේ මිනිස්සුන්ටම හොඳා ඉතිං...
ප්‍රශ්නය තේරුම් අරන් කඩ වහන අයට නිදුක් නිරෝගී සුව ලැබේවා... උඩුබුරන මේ වගේ අයට එසේ නොවේවා..!!!
මේවා වහල්ලුන්ගේ තර්ක...
"...උද්ඝෝෂණ නිසා ඇතිවන කෝවිඩ් පොකුර නැවැත්වීමට උත්සාහ කිරීමේදී ඇතැමුන් එය දේශපාලන මර්දනයක් ලෙස දුටු බව කී ඇමැතිවරයා විපක්ෂයට අවශ්‍ය ජනතාවගේ මලමිනී මතින් හෝ දේශපාලනය කිරීම බවද සඳහන් කළේය..." පාස්කුදා පල්ලිවලට ගිය අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා මරලා.. රටේ භීෂනකාරී ජනමතයක් හදලා.. බොරු කතන්දර කියලා.. නයි පෙන්නලා.. රටේ බලය අරගෙන, මේ පිස්සන් මරු කියවනවා. මිනීමරු දේශකාපාලුවනි, තොපිට ශාපවෙනවා...!!!
හැමදේටම මේ අයට කියන්න තියෙන්නේ පිටරටක කඩ බිඳ දැමීමක් නැතිනම් ආණ්ඩුව හිරිහැරයට පත්කිරීම විරුද්ධ පක්ෂය කරන දෙයක් කියලා කියනවා.. රජය නොගන්නවා නම් ජනතාවගේ ආරක්ෂාවට තීරණයක්... මහජනයා ඒ තීරණ ගැනීම නරකද?
උද්ඝෝෂණ නිසා කොරෝනා වැඩි වුනේ නෑ. එහෙම වුණා නම් මේ වෙනකොට ගුරු පොකුර අර පොකුර කියලා මහා නාඩගමක් නටලා මේ අය. මුන්දැලාගේ නොහැකියාව වහගන්න බොරු සද්දේ දානවා.
කියන්නේ සංචරණය හැකිතාක් දුරට සීමාකරලා නිවෙස්වලම රැඳි ඉන්න කියලා. එහෙම හිතලා කඩවල් වහලා මිනිස්සු නගරෙට එන එක නවත්වන කොට මුන්ම කියනවා ඒක කුමන්ත්‍රණයක්ලු. මේ අය කථා කරන්නේ කටෙන්ද නැත්තන් වෙන කොහෙන් හරිද? ලොක්කාට කොන්ද පණ නෑ.. ගෝලයින් ටික හදාගන්න. ඒ අය රට බයිලා කියවනවා...
දැන් ඉතින් කියව කියවා ඉඳලා වැඩක් නැහැ. ගිහින් රෙදි බෑග්එක ලෑස්ති කරගන්න...
ව්‍යාපාරිකයෝ තමන්ගේ සහ තම ගනුදෙණු කාරයන්ගේ පණ බේරාගන්න කඩ වහනකොට අරක්කු මුදලාලි කෝපයට පත්වෙලා... මොන ව්‍යාපාරිකයාද කැමැති කඩ වහලා පාඩු ලබන්න...?
මිනිස්සු නගරයට ආවොත් යුද හමුදාපති කියනවා කොරෝනා බෝ වෙන්නේ මිනිසුන්ගේ වරදින් කියලා මිනිසු කඩ සාප්පු වහල ගෙදර හිටියොත් අරක්කු මුදලාලි කියනවා මේ ආණ්ඩුවට විරුද්ධව කරන දේශපාලනයක්ලු කවුද හරි කවුද වැරදි
කඩ වැසීම දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස දකිනවානම් අපිට කියනන තිබ්බේ ආණ්ඩුවට විරුද්ධව රටේ විශාල පිරිසක් ඉන්නවා වගේ
වඳ කොත්තු, සාෆි දොස්තර, පාස්කු ප්‍රහාරය... මේ පිළිබඳ මොනවද කියන්න තියෙන්නේ...?
මේ අප පාලනය කරන මිනිසුන්ගේ බුද්ධි මට්ටමයි.
ඔය මනුස්සයෝ නිරපරාදේ මරණයට පත්වීම පිටිපස්සෙත් තියෙන්නේ දේශපාලනය
කොරෝනා බයන්කාරකම තෙරෙන්නේ නැතනම් කොරෝනා මළ මිනී පිරුණු රෝහලක මිනී කාමරයක මේ මිනිසු අගුලු දාලා තියනන ඔනි
පිස්සා කලබල වුණාට අපි කලබල නැහැ.
අනිවාර්යයෙන්ම ... මේ හදන්නේ ජනතාවට කොරෝනා බිල්ලෙක් මවලා බලය ගන්න. රට වහන්න ආණ්ඩුව කිව්වම පාරට බහිනවා. දැන් විවෘත කරන්න කිව්වාම වහනවා. ආණ්ඩුවට යුද්ධය කරපු ක්‍රමය අමතක වෙලා.. නැවත මතක් කරගත්තොත් රටම ගොඩ..
පාර්ලිමේන්තුවට මොලයක් නැතිව ආවාට මිනිස්සුන්ට මොලේ තියෙනවා. තමන්ගේ මවුපියන්, දරුවන් ආරක්ෂා කරගැනීමට වගකීමක් තියෙනවා.
කඩ සාප්පු ඇරගෙන මැරෙන්න කියනවද දන්නේ නැහැ...
ආන්න බලන්න!!! කොයිතරම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක්ද කියලා !!! කාටද ඉතින්, කුරුණෑගල පට්ටියට තමයි ආඩම්බර...!!
ගොඩක් කලබල වෙලා නේද? දෙයියනේ රට වහලා, නගර වහලා... කොහොමද මෙයාලාගේ තැබෑරුම් ටිකත් එතකොට නිකම්ම වැහෙනවනේ. මිනිස්සු දෙතුන්සීයක් දවසට මැරුණා වගේද?
අපිත් පොහොට්ටුවට කඩේ ගිය අය තමයි. දැන් නම් මට හිතෙන්නේ යහපාලනය මීට වැඩිය හොඳයි කියලා...
මළමිනී උඩින් ගිහින් ආර්ථිකය ගොඩනගන්න හදන්නේ ආණ්ඩුවයි. මේ වගේ අට පාස් ගොන්නු ඉන්නකන් ලොක්කාට සත්‍ය අවබෝධ වෙන්නේ කොහොමද...?
කළයුතුදේ නිවැරදිව නොදැක අනංමනං විකාරකතා දොඩවන්නේ රටට වෙලා තියෙන විපත තේරුම්ගැනීමට නොහැකිව නොව තම පුද්ගලික ඕනෑ එපාකම් සපුරා ගැනීමටයි. අාණ්ඩුවට ඒ වුවමනාව නැත්නම් තමතමන් එක්වී ජනයා ඒකරාශිවීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන්න වෙනවා. නැත්නම් ඉදිරියේදී භයානක තත්වයකට මුහුණදෙන්න වෙනවා...
ජොන්ස්ටන්, ඔබේ කතාවටත් දේශපාලනයක් තිබේ!
මේ වගේ හරක් එක්කනේ ස‘ රට හදන්න යන්නේ...!!!
කුරුණෑගල ඇතුගල බුදුපිළිමය ගොඩ නගන කළ එයට අකුල් හෙලූ අයුරු යෞවනයන් බීමට ඇබ්බැහි කරපු හැටි අපි දන්නවා.
UNP එකෙන් තක්කඩි මෝඩ සෙට් එක තව ආණ්ඩුවේ ලොක්කෝ වෙලා ඉන්නේ අද
බයිලා
මගුලක් කතානොකර අගමැති ඡන්දය ඉල්ලපු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත් කරන්න කටයුතු කරන්න... කතා නැතිව.
මේක කොරෝනා මළමිනී සමඟ පුච්චලා දාන්න තරම් කුරුණෑගල ජනතාව බුද්ධිමත් නොවන්නේ මන්ද ?
කවුරු කැමැති වුණත් කඩ වහන එකට අරක්කු මුදලාලි කැමැති නැහැ. මිනිස්සුන්ට ගිනිවතුර පොවලා සල්ලි හොයන කාලකණ්ණි දේශපාලකයෝ...
අරක්කුකාරයෝ මේකට විරුද්ධයි. ඒ මිනිස්සු ගෙවල්වලින් පිට පනින්නේ ගෙදරට බඩු ටිකක් අරන් යන්න යනවා කියලා... ඉතින් බඩු කඩ වැහුවාම ගෙවල්වල මිනිස්සු පිටට යන්නේ නැහැ... මේකට අරක්කුකාරයා තරහයි.. මේක තමයි තත්වේ. බොරුද කියලා හොයලා බලලා කියපල්ලකෝ?
අනේ යන්න ජොනී.. මකබෑවිලා..
බාරුත් වහන්න වෙලාද ?
කඩ සාප්පු වැහුවම බාරුත් වහන්න සිදු වෙනවා .එතකොට අරක්කු සේල් එක අඩු වෙන නිසා මෙයාට දිනකට කෝටි කිහිපයක් පාඩු වෙනවා .එකට මෙයා කලබල වෙලා