(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ද ළඳු කැලෑවක් තුල කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව නින්ද හේන පසිඳු චාමර මධුශංක නමැත්තෙකි.
මෙම පුද්ගලයාෙ කිසියම් පිරිසක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් වැල්ලම්පිටිය ප්‍රදේශයට ගිය බව උසස් නිලධාරියෙක් පැවැසීය.
මළ සිරුර තිබූ ස්ථානයේ ජංගම දුරකථන දෙකක් මෙන්ම රතුපාටට හුරු තොප්පියක් පොලිසිය මඟින් සොයා ගැනිණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd