
(යොහාන් භාසුර සහ පුෂ්ප කුමාර මල්ලවආරච්චි)
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විදුලි සේවක සංගමයක සාමාජිකයකුට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධිය දැඩි පිළිකුළෙන් හෙළාදකින බව ලංකා විදුලිබල මණ්ඩල ජාතික සේවක සංගමයේ ලේකම් අජිත් දේවප්‍රිය මහතා අද (19) පැවසීය.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අජිත් දේවප්‍රිය මහතා එසේ පැවසීය.
“මරන්න බයත් නෑ, මැරෙන්න බයත් නෑ. ඉතිහාසය මතකද?’ යැයි ජයලාල් මහතා විමසා ඇති බව කී අජිත් දේවප්‍රිය මහතා විදුලි බලමණ්ඩල සේවකයෙක් සහ රංජන් ජයලාල් මහතා අතර ඇතිවූයේ යැයි කියන දුරකථන සංවාදයක හඩපටයක් ද මාධ්‍යයට ඉදිරිපත් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසි නායකයන් මෙවැනි තර්ජනයක් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් මෙවැනි තත්වයක් ඔවුන්ගේ ජනතාව බලාපොරොත්තු නොවන බවත් ඒ මහතා කීය.
ඔවුන්ට මේවා හුරුයි , ඒවට බය නෑ යැයි නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසූ බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට බිය වීමට ඔවුන් පහරදීමකට නොමිණි බවත් දේවප්‍රිය මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඇහුම්කන්දී ගැටලු විසඳන්නේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බව අජිත් දේවප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිබල මණ්ඩල සේවකයන් ගැනත් අපට තියෙන්නේ අතිශය පිලිකුලක්.
ඔය එන්නේ නියම සතා දැන් එලියට.
ජාතික සේවක සංගමයේ අහිංසකයො ටික නේද මේ! අපිට ඉතිහාසය මතකයි මේ අහිංසක අයගේ. පව්.
විදුලි සේවකයෝ කිව්වට ඔවුන් සේවකයොම නෙමෙයි, ඒකයි ප්‍රශ්නෙ..
අතීතයේ ඔවුන් කරපු දේවල් දැන් ඉන්න බබාලා දන්නේ නැහැ.. විප්ලවයක් කියලා ඇරියස් එකට මිනී මැරුවා. එහෙම අයට බලය, විධායක බලය, පාර්ලිමේන්තුවේ උපරිම බලය දුන්නාම වෙන්නේ මොකක්ද කියලා කල්පනා කරේ නැහැ... ඔය ඉතින් ටික ටික පේන්නේ ඒවා තමයි. තව කල් යනකොට බෙරේ සද්දෙත් වැඩිවෙයි...
වැලේ වැල් නැතුව අසරණ වෙලා ඉන්න විදුලි බල මණ්ඩලයේ කඩාකප්පල්කාරි කල්ලිය දැන් අභුත චෝදනා නගනවා. ඔවැනි කුමන්ත්‍රණකාරී වැඩ ස.ජ. බ. පොහොට්ටු ඒ. ජා. ප. කල්ලි කණ්ඩායම් වලට හොදට හුරු පුරුදුයි. නමුත් ඔවුන්ට අමතක වු එක දෙයක් තියෙනවා. ඒ නම් දැන් බලයේ ඉන්නේ, ජ. වි. පෙ. ප්‍රමුඛ ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් කියලා, ඒ නිසා ඔය කල්ලි කණ්ඩායම් වල කුමණ්ත්‍රණ නූල් සූත්තර හා කකුල් මාට්ටු වෙට්ටු සියල්ලම පරදවලා රට අවශ්‍ය ඉලක්කයට අරගෙන යන්න හැකිවෙනවා නියතයි.
කෝ මේ පචෝරිස් ආණ්ඩුව හෝදන නෝනා මහතුන්?
මොකක්ද තමුන්නැහැලාගේ ගැටලුව..., ඕක ඉහගෙන කන්න බැරිවෙන නව පනතක් ගෙනාපු එකද? මතක තබාගන්න ඔය ආයතන තියෙන්නේ තමුන්නැහැලා වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙන් බව. ඔය උණ බැංකු, පෙට්රෝලියම්, විදුලි ආයතන වල අයට තියෙනවා. රටේ ජනතාව ඔතැන නැහැ...