
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහ්මදාබාද් නුවරදී කඩා වැටුණු ගුවන් යානයේ ගමන්ගත් මගියකු දිවි බේරාගෙන ඇතැයි අහ්මදාබාද් පොලිස් කොමසාරිස් ජී.එස් මලික් මහතා අද (12) ප්‍රකාශ කළේය.
දිවි බේරාගත් පුද්ගලයා එම ගුවන් යානයේ 11 ඒ ආසනයේ ගමන් කර ඇතැයි තහවුරු කරගෙන තිබෙන බව පොලිස් කොමසාරිස්වරයා පැවැසුවේය.
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහ්මදාබාද් නුවරදී ගුවන් යානයක් කඩාවැටීමෙන් අද (12) සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 204 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd