
(සුජිත් හේවාජුලිගේ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටිපස සිටි දේශපාලනඥයන් ගැන එකිනෙක තොරතුරු අනාවරණය වීමෙන් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.
අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකේ අයිතිකරුවන් සමඟ සිටියේ දේශපාලන මහත්වරුන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ඡායාරූප කීපයක්ද එහිදී මහජනතාවට ප්‍රදර්ශන කළේය. මේ උදවිය තමයි මේ මත්ද්‍රව්‍ය ජාලය පිටුපස්සේ සිටියේ යැයිද ඔහු පැවසුවේය. කුඩු ජාවාරමට උදව් දුන් දේශපාලඥයන් කිසිවෙකුටත් නීතියෙන් ගැලවීමක් නොලැබෙන බවත් ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බවත් වටගල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව දැනන් හිටියට මේවා කරන්නේ දේශපාලකයෝ තමයි කියලා... ඒක ඉක්මණට ඔප්පු කරන්න.
කුඩු ලන්සා,ජොනියා ,කුඩු මර්වින් හිටපු කුඩු අගමැතියා නම් දරාපු අය. දූෂිත දේසපාලුවන්ගේ ඡන්ද ව්‍යාපාරවලට කුඩු ජාවාරම් කාරයෝ අතපය දිග හැරලා වියදම් කෙරුවා...
ආණ්ඩු වට්ටන්නේත් ආණ්ඩු උස්සන්නෙත් මාධ්‍ය තමයි.
වර්තමානයේදී පවතින මැතිවරණයකින් ජයගන්න දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර ඇවිදින්න වෙනවා එහෙම වුනාම බල්ලෝ මරලා හරි අතේ මිටේ යහමින් මුදල් හදාගන්න වෙනවා. ඉතින් සාරධර්මවලට ගරුකරලා පංසිල් පද පහම නොකඩා මුදල් හොයන්න බැහැ. ඒක තමා වෙලා තියෙන්නේ... එ නිසා නැවතත් ආසන ක්‍රමයෙන් මැතිවරණ පැවැත්වීම කරන්න අදාල ආසනයේ ස්ථිර පදිංචි අයටම පමණක් අවස්ථාව දෙනවා නම් අඩුම මුදලකින් වැඩි වියදමක් නැතුව මැතිවරණ කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගමේ එකා ගමට නොකලොත් ගමේ විසුමක් නැතිවෙනවා... එතකොට කුඩු ජාවාරම කසිප්පු ජාවාරම වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්න බැරිවෙනවා...
එදිරිසිංහ හරියට හරි... කලක් තිස්සෙ අපිත් කියනව කෝ කවුරුත් අහන්නේ නෑ. මට හිතෙනවා මාලිමාව සුබවාදීව මේ දෙස බලයි කියලා....