
(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන්දෙන් පහළට පෙරළී අද (15) දින සවස සිදු වූ දරුණු අනතුරකින් ජීවිත දෙකක් නූලෙන් බේරි ඇතැයි ප්‍රදේශ වාසීන් පවසති.
අමු තේ දළු එකතු කිරීම සඳහා ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට අයත් කුඩා ලොරි රථයක් කුඩලිගම බුලත්වතුකන්දට ගිය අවස්ථාවේදී එහි ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරිය කන්ද මුදුනේ නතර කර තිබේ
ලොරි රථයේ ඇතිවූ තිරිංග ගැටළුවක් නිසා පසුව ජේ,සී,බී, යන්ත්‍රයක සහය ගෙන ලොරි රථය කන්දෙන් පහළට ගෙන එන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.
බුලත්වතු කන්දේ වැලමිටි වංගුවේ දී මෙම අනතුර සිදුවී ජේ,සී,බී, යන්ත්‍රය පහළට පෙරළී යන විට එහි රියදුරු අසුන ගැලවී වීසිවීම නිසා රියදුරු තුවාල නොලබා ඔහුගේ ජිවිතය අනු නවයෙන් බේරි තිබේ.
ලොරි රථය ගෙන එම සඳහා යොදාගත් රැහැන කැඩී යාම නිසා ලොරි රථයේ රියදුරා ද බේරි ඇත්තේ පෙර පිනකට බවද ප්‍රදේශ වාසීන් කියති.
යම් හෙයකින් ලොරිය සහ යන්ත්‍රය සම්බන්ධ කර ඇති රැහැන නොකැඩී ගියේ නම් තත්ත්වය මෙයට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබූ බව අනතුර පිළිබඳව සොයා බැලීමට පැමිණි ප්‍රදේශ වාසීයෙකු පැවසීය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි
Suranga Wednesday, 16 October 2024 04:28 AM
තිරිංග කැඩුනා නම් කාර්මිකයෙක් ගෙනගොස් හදාගෙන ආවානම් ඔහොම වෙන්නෙ නැහැ කන්දක් මුදුනේ සිට ඇදගෙන එන්න ගියාම ඔහොම වෙනවා