
(ආරියරත්න රණබාහු)
සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටුණු රටක් මුක්කු ගසා නැගිටවිය නොහැකි යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවසීය
ඒ සඳහා සෑම ක්ෂේත්‍රයකම නව පරිවර්තනයක් පිබිදීමක් අවශ්‍යයි කී ඒ මහතා රටක් රඳා පවතින්නේ පද්ධතියක් සේ සැලකෙන තාක්ෂණවේදීන් ඉංජිනේරු වෘත්තිකයින් ආදී සියලු දෙනා ම ඒ රටේ දේහය බවට පත් කර ගැනීමෙන් බවද කිය
ඒ මහතා ඒ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර හෝටලයක පැවති ජාතික ජන බලවේගයේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව අමතමිනි.
දිසානායක මහතා එහිදී මෙසේද කීය
අපේ පාලකයින් අතීතකාමයෙන් අපේ ජාතියේ සිරකර තිබෙනවා ශ්‍රී ලංකාව ලෝකයෙන් ඈත් කර තිබෙනවා ලෝකය ේ වේගයෙන් ගමන් කරමින් තිබෙන විට ඒ පසුපස ඉබිගමනින් යනවා මේ තත්ත්වය දත්ත මත ආනයන අපනයන මත තාක්ෂණික දුප්පත්කම ඇතුළේ පමණක් තියෙන දෙයක් නොවෙයි එය සමාජයේ ව්‍යසනයක් ඛේදවාචකයක් බවට නිර්මාණය කරනවා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉතින් තම පක්ෂයේ වහල්ලුන්ට හොඳයි. රට කඩා වැටිලා තියෙන්නේ රට ආර්ථිකව බංකොළොත් නිසා. හැමදේම නිකන් දෙන රටක, යම් දෙයක වටිනාකමට මුදලක් දෙනකොට එකට විලාප දෙන ජාතියක් ඉද්දී රට කඩා වැටෙන එක නවත්වන්න බෑ..!
දැන් ඔහේ හදන්නේ කොන්ක්‍රීට් කණු ගහන්නද? අනේ උන්නැහේ ඉස්සර වෙලාම ඔහෙලා 88/ 89 කාලේ ආර්ථිකයට කරපු හානිය ටිකක් මතක් කළොත් නරකද?
රටේ ඡන්දයක් ළං වෙනකොට නොයෙකුත් ආකාරයේ "වෘත්තිකයින්ගේ සංගම්" දේශපාලන පක්ෂ වටා එක් රැස් වෙන්නට පටන් ගන්නවා. මේ සංගම්වල පරමාර්ථය තමන්ගේ අවශ්‍යතා රැක ගැනීමයි. නමුත්, අද සිදුවිය යුත්තේ මුළු රටේම අවශ්‍යතා රැකගැනීම මිස, තනි තනිව ඇති සංගම්වල අවශ්‍යතා රැකගැනීම නොවේ.
එහෙනම් මොන එහෙකටද චන්ද්‍රිකාගේ ආණ්ඩුවට මුක්කු දෙන්න ගියේ ඒ දවස්වල...!
මොනවද, කැටවලට සල්ලි එකතු කරපු ගමන් රටම ගොඩ. කාටවත් ඒ හැකියාව තිබුනේ නැහැනේ. ළමයි, බිරින්දැලා පිටරට, අනික් අයගේ ළමයි පුද්ගලික විශ්ව විද්‍යාලවල... අපේ ළමයි පාරේ සබන් නැතිව නානවා...
කරපු තරමක් වැඩ වර්ජන කළේ ඔයගොල්ලොමයි. ඒ කරලා බණ කියවනවා.
බොරු කියලා පුළුවන්...!
රටේ හතර වටේම ජනතාව ගංවතුර නිසා ඉතාමත් අසරණ වෙලා සිටිද්දී මෙන්න බොලේ ලපයා හෝටලේක පාටියක් වමාරනවා කිව්වාට හිතන්න එපා.. යන එවුන්ට වාන් පාටියක් වත් ලැබේවි කියලා මුන් කරන්නේ මොළගෙඩි සූරාකෑම පමණයි කියලා හොඳින්ම මතක තියාගන්න. ඔතැනට යන ජනතාව රටේ ව්‍යවසනයක් වෙලා තියෙන වෙලාවේ ඒ ගැන එක වචනයක් නොකියන අයගේ ආණ්ඩුව පිහිටෙව්වොත් ඔක්කෝටම නගුලට බැඳපු හරක් වගේ වැඩ කරන්න වේවි කියලා තේරුම් ගන්න කියලා මතක් කරනවා...
මට අද පුදුම සහගත බාබා වරයෙකු හමුවිය. ඔහු කියන ආකාරයට ලංකාවේ අනුර කුමාරට මහජන මතයකදී ගන්න පුළුවන් වන්නේ හෙට ඉන්දියාවේ මදුරාසියෙන් එන අන්නමලෛ නැමැත්තා ගන්නා ඡන්ද ප්‍රමාණය මත තව දේ ඉදිරියට...
අවුරුදු 77 සාපය ඉවර කරන්න හොඳ අවස්ථාවක්. NPP එකට ජයවේවා..!
ඒ වුණාට වඩාගෙන වැල් පාලමෙන් එගොඩ කරවන්න පුළුවන්ලු
මෙයාල බස් ගිනි තියල ට්‍රාන්ස්පෝපෝමර් පුපුරවල වර්ජන මවල ආර්ථිකයට කරපු හානිය දන්නේ ඒවා දැකපු අය විතරයි. අපිත් සිසුන් කාලෙ මෙයාලගේ දේශනා අහල පෙලපාලි ගිය ඒව මොන පිස්සු වැඩක් ද කියල හිතෙන්නෙ දැනුයි
කටින් බතල හිටවලත් නැගිට්ටවන්න බැහැ. අනුර නොදන්න මගුලක් නැහැ. ආර්ථිකය, නීතිය, සෞඛ්‍යය, අද්‍යාපනය, etc. etc. ඊයේ පෙරේදා කිව්ව විදිහට කාලගුණය පාලනය කිරීමත් එයා දන්නවා. Jak of all trades..