(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා මේ වනවිට විදේශගතව සිටින අතර අමාත්‍යවරයා සහ ඇතැම් නීතීඥයන් අතර බරපතළ ගැටුම් ඉකුත් මාස කීපය තුළ නිර්මාණය වෙමින් පැවැති බවත් එම නිලධාරියා කීය.
බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉකුත් දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහනකදී පැවැසීම හේතුවෙන් නීතීඥයන් සහ අමාත්‍යවරයා අතර ගැටුම් හටගෙන තිබූ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
ටිරාන් අලස් අමාත්‍යවරයාට කුමන මරණ තර්ජනය පැමිණියත් පාතාලය හා කුඩු තුරන් කිරීමට කැපවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මුදලාලිලාගෙන් වැඩිපුරක් යැපෙන්නේ පොලිසියේ කියලා මෙයා තාම දන්නේ නෑ වගේ
ඩීල්දාසගේ පුතා තිළිණි ප්‍රියමාලිගේ නඩුවට පෙනිසිටින්න මිලියන කීයක් ගත්තාද? පුළුවන් නම් කියන්න. ඔට්ටුයි බැරුවාට...!
සිදු වූ යම් වරදක් හිතාමතාම වසන් කිරීම නීතියේ හැටියට වරදක් නම් කොහොමද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින පෙරකදොරුවන්ට පමණක් එම දඬුවම ලබා දෙන්නේ නැත්තේ .ඔවුන් හැමදේකටම ඔබ්ජෙක්ෂන් මයි ලෝඩ් කියන කට්ටියනේ
ඔය ගමන්ම වාහන බලපත්‍ර ඉල්ලන මන්ත්රීලාගේ නම් 150 ත් ප්‍රසිද්ධ කරන්න
කිසිම විටක තමන්ගේ ආදායම කියන්නේ නැති මිනිස්සු .කාටවත් හොයාගන්න පුළුවන් වෙන නීති හදන්නේ නැති මිනිස්සු .අපේ ආදායම නම් සතයට ගැනලා ටැක්ස් ගන්නවා .නීති විශාරදයන් ගෙවපු ටැක්ස් ගැන කිව්වා නම් අපිටත් දැන ගන්න ?