IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කුඩු බොන්න එපා කීවැයි සැමියා බිරිය මරලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අබිරහස් ලෙස සිය බිරිය ඝාතනය කර ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් කර පොලිසිය නොමග යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු දෙදෙනකු සිද්ධියෙන් දින හතරකට පසුව සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තලංගම උද්‍යාන මාවතේ තාවකාලිකව පදිංචිව සිටි තාරුකා නදී කුමාරි නමැති (31) හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.

මෙම කාන්තාව සිය සැමියා සමඟ තලංගම උද්‍යාන මාවත ප්‍රදේශයේ කුලී නිවෙසක වාසය කර ඇති අතර සැමියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවීම නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව තිබේ.

මේ අතරතුරදී මත්ද්‍රව්‍ය පානයට ඔහුගේ මිතුරකුද සම්බන්ධ වී ඔහු නිතර නිතර නිවසට යාමට ඒමට පුරුදුව සිටීම නිසා එම බහින්බස්වීම් තීව්‍ර වී ඇති බව පොලිසිය කියයි.
මේ අතර ඉකුත් 06 දා සවස මිතුරා සමඟ නිවෙසට පැමිණි අවස්ථාවේදී බිරිඳ සැමියා සමග බහින්බස්වීමක් හටගෙන  ඇති අතර ඊට සැමියාගේ මිතුරාද සම්බන්ධ වී ඔහු එම කාන්තාව සමග ගැටුමක් හටගෙන තිබේ.

පසුව ඔහු නිවසේ තිබූ තියුණු ආයුධයක් ගෙන එම කාන්තාවගේ හිසට ගෙලට හා ස්ථාන කිහිපයකට පහරදී බරපතල තුවාල සිදුකොට කාන්තාවගේ සැමියා සමඟ නිවසේ දොරගුළු ද දමා හිඟුරක්ගොඩ ප්‍රදේශයට පළාගොස් දින හතරකට පසුව (10) දා රාත්‍රී යළි නිවසට පැමිණ තිබේ.

එසේ එන විට එම කාන්තාව ඝාතනය වී සිටිනු දැක , දෙදෙනා බිය වී ඒ  පිළිබදව කතාවක් ගොතා තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්‍ෂිත මහතා හමුවී ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර තිබේ.

පසුව පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂාකොට සැමියාගෙන් සහ මිතුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදෙන පරස්පර ප්‍රකාශ නිසා සැකසිති අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය තමා විසින් සිදුකළ බවට පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ. 

 

-------------------------------------------------------

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලංගම තලාහේන නිවසක් තුළදී සැමිය ඔහුගේ හිතවතකු සමග එක්ව 31 හැවිරිදි  බිරිඳ  ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.

මරණකාරිය සැමියා සමග නිවසේ කුලී පදනම මත ජීවත්ව ඇති අතර  පුරුෂයා සහ ඔහුගේ යාළුවා විසින් තියුණු ආයුධයකින් පාරදී කාන්තාව ඝාතනය කර නිවසෙහි දොරකුළු දමා පිටව ගොස් ඇති අතර පසුව සැකකරුවන් දෙදෙනාම පැමිණිලි කළ බව පොලිසිය කියයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 31ක් වන වන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මරණකාරියගේ ස්වාමිපුරුෂයා සහ වයස අවුරුදු 44 ක් වන ගලේවෙල පදිංචි අනෙක් සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (8)

කුඩු බොන්න එපා කීවැයි සැමියා බිරිය මරලා

Ruwan De Silva Wednesday, 12 June 2024 08:00 AM

මේ මත්ද්‍රව්‍ය වසන්ගතය නම් මහාම පිළිකාවක්, ඕවාට දේශපාලනයත් සම්බන්ධ හින්දා නවත්තන්න බෑ. ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි ප්‍රතිශතය ආසියාවේ අනිත් රටවල් එක්ක ගත්තාම ඉතාම ඉහළයි.

:       0       35

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 12 June 2024 08:01 AM

"සොඳුරු රුවැති අවිහිංසක තරුණ ළඳේ.. මතට හුරුවු සැමියෙකු හා සරණ බැඳේ ... බිරියට වැඩිය මතටම ඔහු සෙනෙහෙ සැදේ ... සිදුකළ විපත කවිමල් පැවසුවා හදේ..."

:       2       32

චන්දන Wednesday, 12 June 2024 08:15 AM

කෝ එතකොට අර යුක්තිය කියලා කරන මහා කුඩු මර්ධන මෙහෙයුමෙන් වැඩක් වෙලා නැද්ද? රට ඇතුළට කුඩු ගේන මහා පරිමාණ ජාවාරම්කාරයෝ අල්ලන්නේ නැතුව පොඩි පොඩි හාල්මැස්සෝ අල්ලලා බොරු මාධ්‍ය සංදර්ශන පැවැත්වුවාම ප්‍රතිපලය ඕක තමයි.

:       8       29

m. saman perera Wednesday, 12 June 2024 10:31 AM

හරිම අපරාදේ වටිනා ජීවිතයක්.ඔබට නිවන් සුව

:       0       16

හර්ෂන විජේරත්න Wednesday, 12 June 2024 10:31 AM

මෙවැනි පුවත් තුලින් ජනතාවගෙ බුද්ධිය අවධිකරනවා. පළමුවෙන්ම ඔබ කාර්ය මණ්ඩලයට බොහොම ස්තූතියි. මෝඩකම නිසා තමයි සමාජයට වැටිලා කෙනෙක් විනාශ වෙලා යන්නෙ. දෙමම්පියො ගොඩක් දුක් විඳලා දරුවො හදනවා. උගන්වනවා. උස මහත් කරනවා. ඒ් ළමයි අවරුදු 16, 17 වෙනකොට සමාජයෙ තියෙන නරක දේවල් තමන්ගෙ ජීවිතයට ඈඳාගෙන තමන්ගෙ දෙමාපියන්ටත් අපහාස නින්දා වෙන විදිහට සමාජයෙ වැරදි වැඩ කරනවා. අපේ රටේ ජීවත්වන තරුණ අහිංසක දරුවන්ගෙ දැරියන්ගෙ ජීවිත විනාශ කරලා දානවා. විවාහය කියන්නෙ ජීවිතයක ඉතාම වටිනා සංධිස්ථානයක්. ඒ් සඳහා කෙනෙක් තෝරාගනිද්දි හොඳට හිතලා බලලා කරන්න ඔ්නෙ කියන පණිවඩුය මේ පුවත තරුණ තරුණියන්ට ලබාදෙනවා. ආදරය නිසා මුලාවුන වරදට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණ දියණියනි. නැවතත් ඔබට මේ ලොව උපදින්නට වාසනාව ලැබේවා! මේ සසර ගැන ඔබට අවබෝධය ලැබේවා!!!.

:       0       22

Salgadu Wednesday, 12 June 2024 01:05 PM

මෝඩ සැමියෙක්. මත්කුඩු වලට වඩා බොන්න කොච්චර හොඳ දෙයක් තියාගෙනද මිනිහා මේ විපත්තිය කලේ?

:       0       11

Dharmatileke Wednesday, 12 June 2024 03:24 PM

ස්වභාවදහමෙන් දඬුවම් කරන්නේ අහිංසකයින්ට නොවේ

:       1       3

Hash Thursday, 13 June 2024 05:50 PM

ලංකාවේ නීති තද කළ යුතුයි. මරණීය දණ්ඩනය ලබාදිය යුතුයි. එතකොට එකෙක් හ්ම් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17857 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site