IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටි 264 ක ගිණුම් අත්හිටුවයි



 
(ඉන්දිකා රාමනායක)
 
මත්කුඩු ජාවාරම්කරුවන්, මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් කෝටි 264 ක මුදල් සංසරණය  වී තිබු ගිණුම් 102 ක්  මේ වනවිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
 
 මෙම ගිණුම් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර   මෙම අත්හිටුවීම සිදුකර ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.
 
මෙම ගිණුම් අතර  මෙරට මහපරිමාණ ජාවාරම්කරුවන්ගේ සහ  මෙරටින් පලාගොස් සැඟව සිටින ජාවාරම්කරුවන්ගේ ගිණුම් ද වන බව ඒ මහතා කියා සිටියේය.
 
 මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන්  මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ ගෝලයන්ගෙන් ප්‍රශ්න කිරීමේ  මෙම ගිණුම් සම්බන්ධයෙන්  තොරතුරු හෙළිකරගෙන ඇත.
 
මෙම ගිණුම් වලින් බොහොමයක් මුදල්   ඉවත් කරගෙන  තිබී ඇති බවද පොලිස් ආරචි මාර්ග කියයි.
 
 මෙම මුදල් වලට අමතරව  මෙම ජාවාරම්කරුවන්ගේ   රුපියල් කෝටි ගණන් වු දේපළ   මුදල් විශූද්ධිකරණය යටතේ    රාජසන්තක කිරීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. 



අදහස් (11)

කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටි 264 ක ගිණුම් අත්හිටුවයි

amila Thursday, 27 August 2020 09:55 AM

බලන් යද්දී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ඇඟලුම්වත්, පිටරට ඉන්න අයවත්, තේ-පොල්-රබර් වත් නොවේ... කුඩු.. රටේ ලොකුම සල්ලි කාරයෝ කුඩු කාරයෝ. බොහොම දරුණු ලෙස රටේ ආර්ථිකය ඉදිරියේදී කඩන් වැටෙන්නත් පුළුවන්. ප්‍රධාන ආදායම් මාර්ගය බිඳවැටිලා මේ අය හිරේ ගියාම...

:       469       165

Nihal Thursday, 27 August 2020 10:27 AM

කලබල වෙන්න එපා. ඩුබායි ඉඳලා කරන කෙනාට හිරේ ඉඳලා වැඩේ කරන එක සිම්පල්..

:       10       110

M MadhushThursday, 27 August 2020 10:23 PM

සෙසු ව්‍යාපාරිකයන් ටික ඇතුළට දාලා සර්ගේ කට්ටියට තනි ව්‍යාපාරික අයිතිය අරන් දෙන්න අපේ පොලීසිය බරටම වැඩ​...

:       0       0

siri Thursday, 27 August 2020 01:56 PM

විදේශ ආධාර ඉල්ල ඉල්ලා අන්දන්න අවශ්‍ය වෙන එකක් නැහැ.. මේවගේ සල්ලි රාජසන්තක කළාම...

:       0       196

uditha Thursday, 27 August 2020 03:17 PM

මේ මුදල් වලින් මත්ද්‍රව්‍යවලට එරෙහි උගත්, ලස්සන, හොඳ, වැදගත් අනාගත පරපුරක් බිහිවේවා කියලා අපි අපේ රටට සුබපතනවා.

:       0       64

Nihal Thursday, 27 August 2020 10:02 PM

රාජ්‍ය අංශය තුළින් නම් බැරිවෙයි.

:       0       2

Binkunndaa Thursday, 27 August 2020 04:13 PM

වැරැදිලාවත් දුමින්දගේ සල්ලි එහෙම රාජසන්තක කරනවා එහෙම නෙවෙයි. !!!

:       0       0

vikum Thursday, 27 August 2020 05:04 PM

නිවැරදිව වාර්තාව කියවන්න. ගිණුම්වල කෝටි ගණන් මුුදල් නොමැත. මුදල් එහා මෙහා ගිය බවක් විතරයි කියන්නේ. ඒ කියන්නේ සල්ලි නැත, බැංකුවේ මුදල් හුවමාරු වූ අංක ඇත. පුදුමයි නේද...? අන්ද මන්ද වූයේ මම විතරද...?

:       0       2

Perera Thursday, 27 August 2020 07:40 PM

හාල් මැස්සන්ගේ ගිණුම්වල ඔහොම නම් තෝරු මෝරුන්ගේ ගිණුම්වල කොහොමට ඇද්ද?

:       0       1

maalaka Friday, 28 August 2020 04:26 AM

නම් ගම් දැම්මට වරදක් නැහැ මම නම් හිතන්නේ...

:       0       1

jonana Friday, 28 August 2020 05:48 AM

අපි නොදන්න දේශබන්දු, රටේ සල්ලි නැති එකේ ඔය සල්ලිවත් තියෙන එක හොඳයි.. නැත්තන් විනාසයි ඉස්සරහට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 720 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site