(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 හි පවුල් 6,881 ක පුද්ගලයින් 23,194 දෙනෙක්  පීඩාවට පත්ව සිටීති.

පුද්ගල මරණ තුනක් වාර්තා විය. නිවාස 89 ක් ආපදාවට ලක්ව ඇත. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 18 ක සුරක්ෂිත මධ්‍යස්ථාන 65ක් ක්‍රියාත්මක වන අතර පවුල් 2,197 කට අයත් 8,219 දෙනෙක්  එම මධ්‍යස්ථානවල රදවා සිටිති.

අධික වරැෂාව හේතුවෙන් ගංවතුරට කොටුව සිටින අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ 450 ක පමණ භික්ෂුන් වහන්සේ පිරිස එම ස්ථානයෙන් මුදවා ගැනිම් ද ඉතා සාර්ථකව මේ වන විටත් සිදුවෙමින් පවතී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජල ගැලම් නිසා පීඩාවට පත්වූවන් එම ස්ථානවලින් මුදවා ගැනිමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා අද (29) දින පැවසිය.

යට වූ ස්ථානවල ජල මට්ටමේ යම් අඩුවක් දක්නට ලෙබෙන බවත් , වැසි තත්ත්වය තරමක් අඩු වී ඇති බවත් ඒ මහතා පැවසිය.

කලා ඔය පාලම අසල දී ජලයට හසු වූ බස් රථයේ සිටි පිරිස මුදාගෙන නොච්චියාගම රෝහල වෙත ඒවා ඇති අතර අසාධ්‍ය මට්ටමේ පුද්ගලයන් අනුරාධපුර රෝහල වෙත ගෙන යාමට කටයුතු යොදමින් සිටිති.

අමාත්‍ය වසන්ත සමරසිංහ , දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරැ ඇතුළු නිලධාරින් එම ස්ථානයේ රැදී සිටිමින් ඒම කාර්යයන් වලට සහය වේ.

දුම්රිය ස්ථානයේ රැදී සිටින මගින් සඳහා ආහාර පාන සැපයිම ද අඛන්ඩව ක්‍රියාත්මකය. ඊට අමතරව කොටු වී සිටින පිරිස් මුදවා ගැනිම සදහා බෝට්ටු යොදා තිබෙන අතර විවිධ ප්‍රදේශවල පිරිස් සදහා ආහාර පාන සැපයේ.

දිසා ලේකම්රයා සදහන් කළේ , වැව් වල අවධානම තවදරටත් පවතින බවයි. එම නිසා සියලුදෙනා විමසිල්ලෙන් පසුවන ලෙස යි.නිලධාරීන් රැසක් අඛණ්ඩව සිය රාජකාරිවල නිරතව සිටින අයුරු ද දැකිය හැකියි.