
(නිමල් ජයරත්න )
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ, මාරක අනතුරු රැසක් සිදුවීමෙන් ජීවිත කීපයක් බිලිගෙන ඇති මනම්පිටිය කොටලීය පාලමෙන් අද ( 24 ) උදෑසන ලොරියක් ඔයට වැටීමෙන් රියදුරාගේ සහ සහායකයාගේ ජීවිත අනූනමයෙන් බේරී ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
කුරුණෑගල සිටි සමන්තුරේ දක්වාම සෝපා රැගත් ලොරියක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර ලොරි සහයකයාගේ කකුලක් තුවාල වී ඇති තිබේ.
ඔවුන් ලොරියේ සිරවී සිටියදී ඒ දුටු කීපදෙනෙකුට ඔවුන් දෙදෙනා බේරාගෙන ඇත.
කොටලීය ඔයේ ජලය පිරී තිබුණානම් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වනු ඇති බව ජීවිත බේරාගත් ප්‍රදේශවාසීන් කියයි.
මනම්පිටිය කොටලීය පාලම දෙපසින්ම රියදුරන්ගේ වේගය පාලනය කිරීමට මාර්ගය හරහා යොදා තිබෙන තාර ගැබ නොපෙනෙන නිසා මෙම අනතුර සිදුවීමට බොහෝ සෙයින් බලපෑ බව රියැදුරු අප සමග සඳහන් කළේය.
මනම්පිටිය කොටලීය පාලමෙන් බසයක් පෙරළී ඉකුත් ජුලි මාසයේ 09 වෙනිදා මිනිස් ජීවිත එකොළහක් අහිමි වු අතර මෙම පාලම පුලුල් කරදෙන ලෙස ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ක ර තිබේ.
මනම්පිටිය කොටලීය පාලමේ යටින් ඇති යකඩ තහඩු, ප්ලේට්, මලකඩ අල්ලා දිරාපත් වී පාලම අබලන් තත්වයේ පසුවන නිසා කුමන හෝ අවස්ථාවක විශාල විනාශයක් සිදුවීමට පෙර මෙම පාලම නවීකරණ කටයුතු කරදෙන ලෙස හෝ පාලම පුළුල් කරදෙන ලෙස රියදුරන් සහ ප්‍රදේශවාසීන් රජයෙන් නැවතත් ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොටලීය පාලමෙන් ලොරියක් පෙරැලෙයි
Perera Sunday, 24 December 2023 12:13 PM
දිග ලීයක් දැම්මා නම් ඔය අනතුර වෙන්නේ නැහැනේ...!
Nimal Sunday, 24 December 2023 03:27 PM
ඡායාරූපය බැලුවාම පේන්නේ ප්‍රමාණවත් සංඥා තිබූ බවයි.
Nishantha Sunday, 24 December 2023 05:31 PM
පොළොන්නරුවේ දේශපාලන හැත්ත හොරා කෑවා මිසක් මිනිස්සුන්ට අවශ්‍ය දේ කරලා දුන්නේ නෑ... නිකන් කයිවාරුව විතරයි. කෝ රොෂාන් සිරිසේන...?