( රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමුවිම නිසා ඉකුත් (02) දින සිට හුදකලා කර තිබු බගවන්තලාව කොටියාගල වතු යායේ පහල කොටස අද (22) දින හුදකලා භාවයෙන් ඉවත් කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
හුදකලා භාවයෙන් ඉවත් කෙරුණු කොටියාගල වත්ත පහල කොටසින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 39 දෙනෙකු අවසන් වරට හමුවිම හේතුවෙන් ඔහුන්ගේ ළගම ආශ්‍රිතයන් සියළු දෙනා ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව ස්වයං නිරෝධානයට යොමු කල කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට තහවුරු වු නිසා එම වතු යාය හුදකලා භාවයෙන් ඉවත් කිරිමට කටයුතු කල බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.