
(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම වැඩ බැරි කොන්ත්‍රාත්කරුවකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි නවයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මෙම පාඩුව සිදුවී ඇත්තේ කොන්ත්‍රාත්කරුවකුට පවරා තිබූ එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අවලංගු කර වෙනත් කොන්ත්‍රාත්කරුවකුට පැවරීම නිසා බවද එහි දැක්වේ.
ගිනි නිවන ආරක්ෂණ පද්ධතිය ඉදිකිරීම සඳහා කෝටි දහයක පමණ පිරිවැය ඇස්තමේන්තුවක් මත 2022 මාර්තු 31 දිනට වැඩ අවසන් කිරීම මත 2021 ජනවාරි 1 දින පිරිනැමූ කොන්ත්‍රාත්තුවට කෝටි හතරකට වැඩි මුදලක් ගෙවා තිබියදී කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය මත එම කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇති බවත් ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 18 දින වෙනත් කොන්ත්‍රාත්කරුවකුට කෝටි 18 කට වැඩි පිරිවැය ඇස්තමේන්තුවකට මේ වසරේ වැඩ අවසන් කිරීම මත පවරා තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අනුව එම කාර්ය කොන්ත්‍රාත් දෙකක් මත නිම කිරීමට සිදුවීමෙන් කෝටි නවයකට ආසන්න වැඩිපුර වියදමක් දරා ඇතැයි විගණන විමර්ශනවලදී හෙළිවී ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාර හා කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් රටට ගැලපෙන ආකාරයට අදාළ වන ප්‍රමිති හා මාර්ගෝපදේශ සකස් කිරීමට කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ.
ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ජෛව විද්‍යා මැදිරියට යාබදව පවතින දෙවැනි මහලේ වම් පස කොටස මුළුමනින්ම වසා දමා 2012 වසරේ සිට මේ දක්වා මහජන ප්‍රදර්ශනයෙන් ඉවත් කර තිබූ අතර අවශ්‍ය අලූත් වැඩියා සිදුකර මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට හෝ ඵලදායි වෙනත් කාර්යකට මෙම කොටස භාවිතා කිරීමට භාවිත කර නොතිබූ බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් අවභාවිතා කරනවාට සාප වේවා
පහුගිය කාලෙ දාපු විගණන වාර්තා සියල්ල වංචා දූෂණය ඉහ වහා ගියපු බවට හොඳ තහවුරුවක්. ඒත් ඒ එකකින් වත් වැරැදි කාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරල තියෙනව ද
ජනනාත් හරියටම හරි. අලුත් නීතියක් අවශ්‍යයි විගනණ දෙපාර්ථමේන්තුවෙන් හෙලිවන දූෂණ, වංචා, අක්‍රමිකතා කෙලින්ම නීතිපති වරයාට යොමුවී මාසයක් ඇතුලත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා මුළුකාලය තුලම ඊට සම්භන්ධ වී ඇති නිළධාරීන්ට සහා ඔවුන්ගේ ළගම ඥාතීන්ට කිසිදු මුදල් ගනුදෙනුවක් බැංකු මගින් සිදු කල නොහැකි ලෙස අසාදු ලේඛන ගත කිරීම, රටින් පිට විය නොහැකි ලෙස විදෙස් ගමන් තහනම් කිරිම වැනි නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ක්‍රියාත්මක වන ලෙස.