(සුජිත් හේවාජුලිගේ )
ජනතාව කට (මුව) වහන්නේ නම් රට වැසීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.
පවතින තත්වය යටතේ රට වහනවාද කට වහනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
සමාජයේ බොහෝ පිරිසක් මුව ආවරණ නිසි ආකාරයට පළඳින බවක් පෙනෙන්නට නැතැයි පැවසූ හම්දානි මහතා වයිරසය වේගයෙන් පැතිරීමට එයද ප්‍රධාන හේතුවක් වී ඇතැයි ප්‍රකාශ කළේය.
මුව ආවරණ දාන්නම් වාලේ දමා වැඩක් නැතැයිද ඔහු පැවසුවේය.
මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් නීතී තවත් දැඩි කළ යුතු බවත් සුපිරි වෙළෙඳ සල් සහ සාප්පු සංකීර්ණ සම්බන්ධයෙන්ද අලුත් නීති ළඟදීම හඳුන්වාදීමට නියමිත බවත් වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
හැකිතාක් සංචරණ නවත්වා නිවෙස්වලටවී කාලය ගත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පූරුවේ සිට ගුවන් ගිලන් යානයක් ආවේ මොකටද කියලා ගුවන්තොටේ ඉන්න අය දන්නවාද?
කට වහන්න දෙයක් ඉතුරුවෙන්නේ නෑ මහත්තයෝ මේ යන ලෙසට... කට සදාකාලිකවම වැහිලා ඉටි කවරයක් පිටින් කළුදුමක් වෙලා. පාවෙලා යන්න පුළුවන්...!!!
දැන් අලුත් එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා.. සියලුම මාධ්‍යවල දැන් මෙයාව දකින්න පුළුවන්...
එහෙනම් ඔය ඔක්කොම පැත්තකට දාලා මිනිස්සුන්ට ඇති තරම් මාස්ක් නොමිලේ දෙන්නකෝ... විහිළු කතා..
මම දැකලා තියෙනවා. මිනිස්සු ඕනෑ තරම් මාස්ක් එක දාලා... ඒකට යටින් අත දාලා මූණ අල්ලනවා. අනික කාර්යාලයට ආවාම මාස්ක් එක ගලවලා තමයි කෑම කන්නේ... ප්‍රායෝගික වෙන්න ඕනේ. අනික බලන්න මුහුදු බඩ මාර්ගයේ දුම්රියට නැගලා කොහොමද මිනිස්සු යන්නේ කියලා...? ඔයාලගේ බූරු නඩේටම හොඳයි ඔයාවත්... ඔයාලා ලබාගෙන තියෙන සහතික පොතට විතරයි. උගත්කම විතරයි. බුද්ධියක් නෑ.