
(යොහාන් භාසුර)
නීති විරෝධීව එංගලන්තයේ සිට ගෙනඑන ලද රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි මෝටර් රථ 5 ක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී භාරයට ගත් බව රේගු අධිකාරී ඒ. බී. ඉසඩීන් මහතා අද (23) පැවසීය.
වාහන අමතර කොටස් යැයි පවසා විශාල ප්‍රමාණයේ කන්ටේනර දෙකක සඟවා තිබූ බෙන්ස්, අවුඩි සහ ෆියට් යන වර්ගවල මෝටර් රථ සොයාගත් බවත් එම වාහන ආනයනකරු මේ වන විටත් හදුනාගෙන ඇති බවත් ඒ. බී. ඉසඩීන් මහතා කීය.
මෙම වාහන පිළිබඳව පරීක්‍ෂණ තව දුරටත් ක්‍රියාත්මක බවත් වාහනවල වටිනාකම කෝටි 15 කට වඩා වැඩි වියහැකි බවත් ඒ. බී. ඉසඩීන් මහතා වැඩි දුරටත් කීය. 

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙන්වපු අයගේ නමක් නැද්ද එතකොට..? දෙයියෝද ගෙනැල්ලා දෙන්නේ...?
ඔය වාහන ගෙවන්න රටේ ඩොලර් පිටගියේ නැහැ නේද? බදු ගැසුවාම රටට රුපියල් වලින් බදු මුදල ලැබෙනවා. එහෙනම් මොකක්ද ප්‍රශ්නය? දන්න කෙනෙක් කියන්න.
වාහන වල ස්වරූපය සහ ඇසුරුම දැක්ක ගමන් තේරෙනවා අමතර කොටස් වලට තමයි ගෙනත් තියෙන්නේ කියලා....
මොනව වෙන්ඩද මෙක පලවෙනි සැරය නෙමෙයිනෙ. තව ටික දිනකින් මෙව වෙන්දේ්සි අයිතිකාරයො මිලදී ගන්නව. හරිම සරලයි. බොරු දේවල් විතරක් දාන්න එා .
මයිනගේ පුත්තු ඕක පිටි පස්සේ ඇති...!