වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ද ප්‍රසිද්ධ කරමිණි.
කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන විය. සැත්කම සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවුණු අතර, සැත්කමින් පසු කේට් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ද නැත.
42 හැවිරිදි කේට් සම්බන්ධයෙන් පමණක් නොව, ඇගේ සැමියා ඔටුන්න හිමි විලියම් කුමරු සම්බන්ධයෙන් ද නොයෙක් නොයෙක් කටකතා පැතිරිණි.
මේ වනවිට, විලියම් කුමරුන්ගේ පියා, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද පිළිකාවකින් පීඩා විදී. චාල්ස් රජු, රාජකීය කටයුතුවලින් ඈත් වී, ප්‍රතිකාරවලට යොමු වූයේ පසුගිය පෙබරවාරියේය.
කේට් මිඩ්ල්ටන් කුමරියගේ පිළිකා තත්වය සම්බන්ධයෙන් වැඩි විස්තර කිසිවක් වාර්තා වී නැත. කුමරිය උදරේ සැත්කමට යොමු වූයේ මෙම පිළිකා තත්ත්වය නිසා යැයි ද සැක කෙරේ.
(බීබීසී)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කේට් කුමරියටත් පිළිකාවක්
Bamunuarachchi Sunday, 24 March 2024 12:53 AM
බොහොම කණගාටුයි. ඒත් පිළිගත යුතු සත්‍ය නම් රාජකම් කළත් ලෙඩ රෝග වලින් බේරුමක් නැහැ කියලා. ඉක්මන් සුවය ලැබේවා.