
(නවරත්න සමරතුංග)
කොටි ත්‍රස්තවාදීන් පහර දෙන බවට අම්පාර නවගිරියාව කැලයේ සිට කෑ ගසා ගම්වාසීන් බියට පත්කොට මහත් කල බැගෑනියක් ඇති කළ බව කියන පුද්ගලයන් හත් දෙනකු අද මධ්‍යම රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව බක්කිඇල්ල පොලීසිය පවසයි.
'කොටි කපන වෝ' යැයි විලාප නගමින් පිරිසක් කෑ ගසන හඬ ඇසී විදුලි වැට ආරක්ෂා කරමින් සිටි සිවිල් ආරක්ෂක සහ වනජීවී නිලධාරින් ඒ බව බක්කිඅල්ල පොලීසියට ඒ බව දැනුම් දී ඇත.
මේ අතර වාරයේ ගම්වාසීන් බියට පත්ව ආරක්ෂාව පතා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දුන් බව කියති.
ඒ අනුව අම්පාර සහ අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුධ හමුදා භට පිරිසක් පැමිණ පොලීසිය හා එක්ව සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත.
එහිදී මෙම සැක කරුවන් පැමිණී යතුරු පැදියක් පාපැදි තුනක් සහ ත්‍රිවිලරයක් අවට නිවෙස්වල නතර කර ගොස් තිබියදී සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
ඒ අනුව වැඩිදුර විමර්ශනය කිරීමේදී සැකකරුවන් හත් දෙදෙනකු දිවුලාන වනාන්තරයට පලා යමින් සිටියදී උදෑසන අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මොන දේශපාලක පක්ෂයේ ආධාරකරුවන්ද? ඒවා හෙලි කරන්න..
කවුද මේ අය...? ජෙප්පොද, කුරුට්ටොද, බයියොද, පුතාණෝගේ සෙට් එකක්ද? කවුරු වුණත් මාස හයකටවත් ඇතුළට දාන්න.
මෙය විහිළුවක් ලෙස සරලව නොසලකාවි යැයි සිතමු. සිද්ධිය ගැන සහ පුද්ගලයින් ගැන පුළුල්ව පරීක්ෂණ කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. නැවතත් එවැනි ශාපයක් නම් මේ රටට ඕනෑම නැත.