
( සිතුම් චතුරංග)
යාපනය නගර් කෝවිල් ප්‍රදේශයේ සිදුකර සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 96ක් අද (07) සොයාගත් බව නාවික හමුදාව පැවසීය.
නාවික හමුදා සෙබලුන් පිරිසක් නගර් කෝවිල් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අතහැරදමා තිබූ කේරළ ගංජා තොගය සොයාගත් බව පැවසීය.
ගෝනි තුනක් තුල අසුරාතිබූ මෙම කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් නාවික හමුදාව සඳහන් කළේය.
හමුවූ කේරළ ගංජා තොගය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විනාශ කිරීමට නියමිතව තිබුණි. යාපනය පොලිසිය හා නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd