IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොට උඩ ගිය විදෙස් ආධාර ව්‍යාපෘති යළි අරඹයි

(අංජුල මහික වීරරත්න)

විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික අර්බුදය නිසා නතර කෙරුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 

 ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමත් සමඟ එම කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැ රත්නායක මහතා කීය.

ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති වල කොතෙක් දුරට වැඩ නිම කර ඇත්ද යන්න මෙන්ම ඒවායේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද සාගල රත්නායක මහතා  විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට  උපදෙස්  දුන්නේය.

සාගල රත්නායක මහතා මේ බව කීවෙි  “ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව”ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දීය. 

ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන් වෙත  රජය මඟින් ගෙවීමට ඇති මාස තුනක් පැරණි හිඟ බිල්පත් මෙම අගෝස්තු මාසයේ ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව කමිටු සාමාජිකයන් මෙහිදී දැනුම් දුන්නේය.



අදහස් (1)

කොට උඩ ගිය විදෙස් ආධාර ව්‍යාපෘති යළි අරඹයි

CHANDIMA Thursday, 03 August 2023 10:40 PM

මැරෙනකල් බලයේ ඉන්න.. තවත් නෙළුම් පොකුණු ගහන්න වගේ යන්නේ...? ඔවුන් නම් ළඟදී මැරිලා යයි. පොඩිපුතේ නුඹලා මැරෙනකල් ගෙවපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site