(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති විරෝධීව රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් හෂීෂ් වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.091ක් ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
සීදූව ප්‍රදේශයේ පිහිටි කාගෝ ගමන් බඩු නිශ්කාෂන ආයතනයකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවත් ආහාර ද්‍රව්‍ය අඩංගු යැයි රේගුවට ප්‍රකාශ කර තිබූ පාර්සලයක සඟවා මෙම හෂීශ් තොගය ගෙවිත් තිබූ බවත් ඒ මහතා කීය.
අදාල පාර්සලය රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට පැමිණි නියෝජිතයා අඩංගුවට ගත් බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd