(යොහාන් භාසුර)
පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් නීතිවිරෝධීව එංගලන්තයේ සිට ආනයන කළ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක්, වාහන කොටස් පහක් සහ කහ කුඩු කිලෝ 1000 ක් ශ්‍රී ලංකා රේගුවේ ග්‍රේ ලියින් අංගනයේ නිලධාරීහූ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් වාහන අතර සම්පූර්ණ වාහන දෙකක් සහ වාහන කොටස් පහක් තිබෙන බවත් යන්ත්‍ර උපකරණ සහ පුද්ගලික භාණ්ඩ යැයි රේගුවට ප්‍රකාශ කරමින් ගෙන්වා තිබූ මෙම කන්ටේනර්වල කහ කිලෝ 1000 ක් ද තිබූ බවත් රේගුව පවසයි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි 4 ක වාහන රේගුවේදී මාට්ටු
gihan Friday, 29 April 2022 05:11 PM
මැලේසියා වලිනුත් ඔහොම තමයි හොරට කහ එවන්නේ. ඒත් ඒවා අල්ලන්නේ නැහැ. අහිංසක ගොවියෝ අමාරුවේ. වංචාකාර ව්‍යාපාරිකයෝ නිසා.
බද්දක් ගෙවනවද Friday, 29 April 2022 05:41 PM
තෙල් ටැංකියක් බේරාගන්න ගිහිල්ලා හිරේ යන්න වුණු පොලිසියට වුණු දේ මතක තියාගෙන වැඩ කළොත් හොඳයි..! ඔය ව්‍යාපාරිකයාගෙන් "ඩොලර්" වලින්ම දඩය ගහලා ගෙන්වපු සියලු දේ රාජසන්තක කරන්න..! ඒ වගේම බලන්න ඔහු රජයට ඉහළ ආදායම් බද්දක් ගෙවනවද කියලා? ලේ නහරවල හොරකම උඩු දුවලා!
බන්ඩාර Friday, 29 April 2022 08:26 PM
හාල්මැස්සෙක් අහුවෙලා..
de silva Saturday, 30 April 2022 08:19 AM
ලංකාවේ ගොවියන් කහ වගා කළාට ඒවා නිසි ලෙස සකස්කර වෙළෙඳපළට එවන්න දැනුමක් නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ ගැන ගොවියාට පුහුණුවක් දෙන්න කිසිම වැඩපිළිවෙළක් නැහැ. අමාරුවේ වැටෙන්නේ පාරිභෝගිකයා. පොහොසත් වෙන්නේ ජාවාරම්කාරයා... සර්ගේ තවත් ෆේල් වුණු තීරණයක්..
sharm warn Wednesday, 04 May 2022 12:15 PM
එතකොට එංගලන්තෙත් දැන් කහ වවනවද?