
(ගයාන් සූරියඅරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇළ, කණුවන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 64 ක කාන්තාවකි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය 3 වෙත ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි වානිජ අපරාධ විමර්ශන අංශය 3 නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
සැරයන් පොලිස් ලොක්කියක්? අනේ මන්දා...
වෙන්න ඕනෙ දේ සිදුවෙමින් පවතිනවා... හරිම සතුටුයි.
මේ වගේ නිවුස් වලදි හොරුන්ට කඩේ යන අමන සෙට් එක හැංගිලා . ඇඩ්ස් නෑ...
සැරයන්වරියක් සොරකම් කරලා තියෙන්නේ කෝටි තුනයි. එම තනතුරට වඩා බොහෝ ඉහළම තනතුරු දැරූ සබරගමුවේ ලේකම්කෙනෙක් අධ්‍යක්ෂවරියක් ප්‍රාදේශීය සභා ලේකම් කෙනෙක් සහ සාර්ජන් වරියගේ තනතුරට සමාන හෝ ආසන්න දෙදෙනෙකු එක්ව හොරකම් කරලා තියෙන්නේ කෝටි හතයි. ඒ අනුව එම සාර්ජන්වරිය ඉතාමත් දක්ෂියක් කියන්න පුළුවන්. අපි බලමු ඇයට කුමක් කරයිද කියලා...