(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා ජාවාරම් කිරීමට ගිය රත්තරන් කිලෝ ග්‍රෑම් 32 ක් ඉන්දියානු වෙරළාරක්ෂකයින් සහ අදායම් දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ නිලධාරීන් එක්ව සිදුකල මෙහෙයුම් දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත.
එම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 20 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70) ක් පමණ වන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේය.
වෙරළාරක්ෂකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඉන්දීය මුහුදේ සිදුවන ජාවාරම් පිළිබඳ අවධානයෙන් සිට ඇත.
මණ්ඩපම් ධීවර වාරය වෙත ළඟා වෙමින් තිබු සැක සහිත බෝට්ටුවක් පිළිබඳ අවධානය යොමු වී ඇති අතර එය පරික්ෂාකිරීමට යාමේදී එම බෝට්ටුව පළා ගොස් තිබේ.එම අවස්ථාවේදී එම බෝට්ටුවේ තිබූ රත්තරන් බාර් කිලෝ ග්‍රෑම් 11.6 මුහුදට විසි කර ඇත.
සාර්ථක හඹා යාමකින් පසුව රත්තරන් මුහුදට විසි කල බෝට්ටුව සහ එහි සිටි සැකකරුවන් තුන් දෙනකු ඉන්දීය බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.එසේම මුහුදට විසිකල රත්තරන් තොගයද ඉන්දීය වෙරළාරක්ෂක කිමිදුම්කරුවන් දින දෙකක් පුරා සිදුකල මෙහෙයුමකින් පසුව සොයා ගෙන ඇත.
දෙවැනි මෙහෙයුමේදී රත්තරන් කිලෝ ග්‍රෑම් 21.269 ක් සහ රැගෙන ආ බෝට්ටුවද එහි සිටි සැකකරුවන් දෙදෙනෙකුද ඉන්දීය බලධාරීන් මණ්ඩපම් හි වේදලායි ගම්මානයට දකුණු මුහුදේදී අත් අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂවලට කෙළ හලනවා ඇති...
නිදහසේ ලංකාවට ගෙනාව සැනින් නිදහසේ ඉන්දියාවට යවන්න.
ඉන්දියාවට පුළුවන් දේවල් ලංකාවට බැරිවෙයි.