IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි 2 ක බීඩි කොළ නොරොච්චෝලෙන් අල්ලයි

 (යොහාන් භාසුර)

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 1955 ක තොගයක් රැගත් ලොරි රථයක් නොරොච්චෝලේ ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය නොරොච්චෝලේ ප්‍රදේශය ආශ්‍රිතව කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානය අසල නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් පරික්ෂාවට කළ බවත් එම ලොරි රථය තුළ සූක්ෂම ලෙස පාර්සල් 63 ක අසුරා තිබූ මෙම බීඩි කොළ තොගය සහ ලොරි රථය භාරයට ගත් බවත් නාවික හමුදාව කීය.      
අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලයට භාරදුන් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

කෝටි 2 ක බීඩි කොළ නොරොච්චෝලෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site