
(සුජිත් හේවාජුලිගේ )
පුරන් කුඹුරු අස්වැද්දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
පුරන් කුඹුරු අක්කර 3809 ක් අස්වැද්දීම සඳහා රුපියල් කෝටි 16 කට වැඩි මුදලක් ප්‍රතිපාදන වෙන්කර තිබියදී අක්කර 2980 ක් පමණ අස්වද්දා රුපියල් කෝටි දාහතරකට ආසන්න මුදලක් වැය කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
මෙම පුරන් කුඹුරු අස්වැද්දීම කර තිබුණේ 2023 වර්ෂයේ සංශෝධිත ක්‍රියාකාරී සැලැස්ම අනුව බව එහි දැක්වේ. මේ අතර ගබඩා පහසුකම් ඇති කිරීම වෙනුවෙන් රුපියල් කෝටි එකොළහක පමණ ප්‍රතිපාදන උපයෝගී කරගෙන දිස්ත්‍රික්ක කාර්යාල හයක ගබඩා 11ක වැඩ අවසන් කර තිබුණද ඒවා පසුගිය වසරේ පෙබරවාරි මාසය වනවිටත් නිෂ්කාර්‍ය වත්කම් ලෙස පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
දිස්ත්‍රික්ක විසිපහක් ආවරණය වන පරිදි සුහුරු ගම්මාන වැඩසටහන යටතේ හරිත ගෘහ ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 37 ක් පමණ වෙන්කර 2023 වර්ෂයේදී දිස්ත්‍රික්ක 16 ක කෝටි පහළොවක වියදමින් හරිත ගෘහ ඒකක 291 ක් ඉදිකිරීමට යෝජිතව පැවතුණද 2023 වර්ෂයේදී හරිත ගෘහ 135ක පමණක් ඉදි කිරීම් ආරම්භ කර තිබූ බව පවසන වාර්තාව එ්වායේ ඉදිකිරීමේ ප්‍රගතිය සියයට 49 ක් බවද සඳහන් කරයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ තොරතුරු ලේඛනයේය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 14ක් ගිල්ලත් පුරන් කුඹුරු හැදිල්ල බාගෙට කරලා
ගුණරත්න Thursday, 01 May 2025 06:13 PM
කෝටි සිය ගාණක් වියදම් කරලා වැවු හාරපු සෙල්ලම? ඒක ගැන හොයන්නේ නැතෙයි...!
කුකුල් චමින්ද Thursday, 01 May 2025 09:47 PM
ගුනපාලයාගේ කුඹුර අකලට පුරන් වෙලා, මෙතැන වැලලෙනවා.