IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කංජිපානිගේ හිතවතෙක් කටුනායකදී මාට්ටු

(ගයාන් සූරියආරච්චි සහ ටී.කේ.ජී.කපිල)

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානේ ඉම්රන් නමැත්තාගේ සමීපතමයකු  කටුනායක ගුවන් තොටුපොළේදී  අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ආදුරුප්පුවීදිය ප්‍ර දේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

එම සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති අතර එම සැකකරු මෙරට පැමිණි අවස්ථාවේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ලංකාවේ සිටියදී සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග ව්‍යාපාර කටයුතු කළ පුද්ගලයකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම සැකකරුගේ බිරිය ඉන්දියාවේ පදිංචිව සිටින අතර සැකකරු ද ඉන්දියාවේ පදිංචියට ගොස් සිටියදී ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (1)

කංජිපානිගේ හිතවතෙක් කටුනායකදී මාට්ටු

BBC Thursday, 24 July 2025 09:13 PM

කලු කපුටන් ට රජ මගුල් ඇති ,රත්රන් ගහ හොලවන්නට පුළුවන් නේ...

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site