(නිමන්ති රණසිංහ)
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුආත් නමැත්තාගේ ඩීඑන්ඒ වාර්තා ඔහුගේ දෙමාපියන්ගේ ඩීඑන්ඒ සමඟ සැසදෙන බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද (14) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ වාර්තාවක් මගින් දැනුම් දී තිබේ.
එසේම මරණකරුගේ හිස කොටස තම පුත‍්‍රයාගේ බවට අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී තමන් හඳුනාගත් බව අලව්දීන් අහමඩ් මුආත් නැමැත්තාගේ දෙමාපියන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඉදිරියේ අද ප‍්‍රකාශ කළහ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් මරණ පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල, දේශපාලුවන්ගේ DNA සමගත් සසඳා බැලුවොත් හොඳයි.
මිනිසාගේ සම්භවය ගැන මෙවන් දියුණු විද්‍යායාත්මක දෑ සොයාගත් සමයක ලබන ආත්මය දෙව්ලොව විශ්වාස කර ආගම් වෙනුවෙන් ජීවිතය දෙන්නන් සිටීම පුදුමයට කරුණකි