IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුකුළු මස් මිල 100කින් අඩු කරයි

(අංජුල මහික වීරරත්න)

දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගිකයින්ට අවම මිලක් යටතේ කුකුළු මස් පාරිභෝජනය කිරීමට අවස්ථාව සැලසීම ඉලක්ක කරගනිමින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

 දේශීය කුකුළු මස් නිෂ්පාදනය  ස්වයංපෝෂිත මට්ටම දක්වා පැමිණ ඇති නිසා එම කර්මාන්තය ඉදිරියටත් රැකගැනීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කුකුළු මස් ආනයනය කළහොත් දැනට ස්වයංපෝෂිත මට්ටමේ තිබෙන මෙම දේශීය කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිය හැකි බැවින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ වගකීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ   දී දීර්ඝ ලෙස සාකච්ඡා  කළ අතර එහිදී ජනාධිපතිවරයා  කුකුළු මස් මිල සම්බන්ධව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ වගකීම  තමන්ට පැවරූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.  



අදහස් (2)

කුකුළු මස් මිල 100කින් අඩු කරයි

Bamunuarachchi Tuesday, 01 August 2023 07:56 PM

මිල අඩුකළාට කමක් නැහැ... පිටරටින් ගෙන්වන්න. අපිට ලාබෙට ලැබෙනවා නම් ලංකාවේ නිෂ්පාදනම ඕනේ නැහැ...

:       1       1

de silva Wednesday, 02 August 2023 07:49 AM

අඩු කලත් ඔය මිලට ගන්න මිනිස්සු ළඟ සල්ලි නැත .රටින් ගෙන්වන කුකුල්මස් වලට අඩුවෙන් මෙහෙ නිපදවන කුකුල්මස් දෙන්න පුළුවන් .නමුත් මේගොල්ලන් 50% හෝ ඊට අධික ලාබයක් බලාපොරොත්තුවෙනවා ,රටින් ගෙන්නුවේ නැතිනම් බිත්තරෙත් 100 ට යනවා .කරුණාකර රටින් ගෙන්වන්න .එහෙම බැරිනම් කුකුල්මස් 1000 ට අඩුවෙන් දෙන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site