

(රංජිත් රාජපක්ෂ)
නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තේරිපත් වූ අතර උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා මහතා වැඩි ඡන්ද 12 ක් ලබා ගනිමින් තේරිපත් විය.
උපසභාපතිවරයා වශයෙන් තරග කළ ලංකා කම්කරු කොංග්‍රසයේ කනපති කුලන්දවේල් රවී මහතා පරාජය විය. ඔහු ලබා ගත්තේ ඡන්ද හතක් පමණි
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරු 09:00ට නෝර්වුඩ් පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.
උපසභාපතිවරයා තේරිමෙදි ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ස්වාධීනව කටයුතු කර ඇත.
සියයට 50ක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ සභාවල බලය බලා ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික ජන බලවේගය එකට එක්වි කටයුතු කළ අතර, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරිමේදි සමගි ජන බලවේගය නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලි සංධානයේ පලනි දිගම්බරම් මහතා නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමේදි ලංකා කම්කරු කොංග්‍රසයට එරෙහිව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තෝරා පත් කර ගැනීමට සහයෝගයට ලබා දී ඇත.
උප සභාපතිවරයා තොරා පත් කරගැනිමේ ඡන්දයේදි ජාතික ජන බලවේගයේ සභිකයන් සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා තෝරා පත් කර ගැනිමට සහයෝගය දක්වන ලදී.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුකුලා - මාලිමා දීගය කැඩේ, නොර්වුඩ් උප සභාපති සමගියට
BBS Friday, 27 June 2025 01:15 PM
ප්‍රාදේශීය සභා නිසා දේශපාලනයට එන්නේ ගමේ ඉන්න බෝක්කු රත්කරන කුණු එහෙම ඇවිත් තමයි ජාතික දේශපාලනයට ඇවිත්, පාර්ලිමේන්තුව මිරිස්කුඩු ගහන, රටට කිසිම වැදගත් තීරණයක් නොගන්න, කොමිස් කාක්කන් ඉන්න තැනක තත්වෙට පත් වුනේ. මේ ප්‍රාදේශීය සභාවල ප්‍රමිතිය වැඩි කරන්න ඕනේ... නැතිනම් මේවා නැති කරලා ප්‍රාදේශීය ලේකම් හරහා ඒ සේවාව කරන්න ඕනේ...
Samir Friday, 27 June 2025 04:27 PM
ඇත්ත වශයෙන්ම මේ පළාත් පාලන මැතිවරණය සහ සභාපති තේරීම් ක්‍රියාවලිය නිසා ඔප්පු වුණා මේ තනතුරුවලට එන්න දඟලන බොහෝ දෙනාගේ තරම. මාලිමාව ඇතුළු සියළුම පක්ෂ තමන්ගේ නියම ස්වරූපයෙන් පෙන්නුවා.. ඕනෑම දූෂිතයෙක් හෝ නොවෙන කෙනෙක් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා බලය අල්ලන්න ඕනෑ වුණාම...