(විනීතා එම් ගමගේ)
කොකු පණු රෝගය හේතුවෙන් ඇතිවූ රක්තහීනතාවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මාස දහයක් වයසැති බිළිඳකු මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
මෙම දරුවාගේ මරණය පිළිබද හදිසි මරණ පරික්ෂණය පැවැත්වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා එම බිළිඳාගේ සහෝදර සහෝදරියන්ට ඉක්මණින් පණු බෙහෙත් ලබා දෙන ලෙස මව්පියන්ට උපදෙස් දුන්නේය.
මියගිය බිළිඳාගේ මව 36 හැවිරිදි බවත් ඇයට දරුවන් සත් දෙනකු සිටින අතර වැඩිමහල් දරුවා 12 හැවිරිදි වියේ පසුවන බවත් මියගිය දරුවා බාලයා බවත් එම මරණ පරික්ෂණයේ දී හෙළිවිය.
දරුවාගේ මුඛයෙන් අඩි දෙකක් පමණ දිගැති පණුවන් එළියට පැමිණිමත්, මළපහ සමගත් පණුවන් එළියට පැමිණිමත් නිසා දරුවා ළමා රෝහලට රැගෙන ආ අතර එහි දී මිය ගිය බව මියගිය බිළිඳාගේ පියා කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ඉදිරියේ සාක්ෂිදෙමින් කියා සිටියේය.
වර්තමානයේ පවතින සෞඛ්‍ය පහසුකම් සමග මෙවැනි තත්ත්තවයක් තිබිම විශ්වාස කල නොහැකි බවත් පහසුකම් අඩු කුඩා නිවසක ඉතා විශාල පිරිසක් ජීවත් වීම මෙම තත්ත්වයට හේතුව බවත් මරණය සම්බන්ධ තීන්දුව දෙමින් හදිසි මරණ පරික්ෂකවරිය සදහන් කළාය. කෙසේ වෙතත් මාස දහයක් වන දරුවෙකුට මේ තරම් බරපතල අන්දමින් කොකුපණු රෝගය වැලඳී තිබිීම ද විරල කරුණකැයි ඇය සිය වාර්තාවේ සඳහන් කර තිබිණි.
ග්‍රෑන්ඩ්පාස් ගැමුණු පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම බිළිඳාගේ මව්පියන් මරණ පරික්ෂකවරියගෙන් ඉල්ලා සිටියේ මෘතශරීරය නොකපන ලෙසය. එහෙත් එය නීතිවිරෝධී වන බැවින්ද මරණ්‍යට හේතුව හෙළි කරගත යුතුබැවින් ද පශ්චාත් මරණ පරික්ෂණයක් කළ යුතු බව පෙන්වා දුන් ඇය පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියම කළාය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොකුපණු රෝගයෙන් දස මස් දරුවකු මරුට
M. Ganewatta Sunday, 08 August 2021 10:20 PM
මේ කොකු පණු රෝගය නොව වටපණු රෝගයයි. කොකු පණු පිරිමි සතා 5—9 mm පමණ වන අතර ගැහැණු සතා 9—11 mm පමණ වේ. ඒ වගේම කොකු පණුවන් කටින් එන්නේ නැත. වට පණු ගැහැණු සතා 20–35 cm දිගයි. පිරිමි සතා 15–31 cm වේ.
G lMeranchi Monday, 09 August 2021 08:19 AM
නිෂ්පාදනය පමණක් ප්‍රමාණවත් නොවිය යුතුයි, එම පුද්ගලයින්ගේ ප්‍රධාන අරමුණ ජනගහනය වැඩි කිරීම ගැන ....... ඉතා කණගාටුදායකයි ..