IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොක්කඩිච්චෝලේ පාරම්පරික සහල් නිෂ්පාදකයන්ට කොමර්ෂල් බැංකුවේ සහාය

කොමර්ෂල් බැංකුවේ නිලධාරීන් විසින් බැංකුව විසින් පිරිනමනු ලබන නිෂ්පාදන සහ සේවා පිළිබඳව ගොවීන් දැනුවත් කරමින්


කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප්‍රතිලාභීන් ලෙස මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත.

කොක්කඩිච්චෝලේ කාන්තා සමිතිය සමඟ එක්ව මෙම ප්‍රදේශයේ කුඩා වතු හිමියන් මුල්‍ය ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම උදෙසා බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය. ප්‍රදේශයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම එහි අවසානාත්මක අරමුණයි.

මෙම අරමුණට සහාය දැක්වීම සඳහා බැංකුව විසින් ප්‍රජාව අතරින් තෝරා ගනු ලැබූ ගොවීන් වෙත, වී තම්බන ඇලුමිනියම් භාජන 30ක් ද පරිත්‍යාග කෙරිණි.

කාන්තා සමිතියට මෙම උපකරණ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුවේ නිලධාරීන් විසින් බැංකුවේ ජංගම බැංකු සේවාව වන ‘බෑන්ක් ඔන් වීල්ස්’ මෙහෙයුම හරහා පිරිනමන සේවා මෙන්ම බැංකුවේ නිෂ්පාදන සහ ප්‍රජාවට ලබා ගත හැකි සේවා පිළිබඳව විස්තර කරන ලදී.

කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහන, ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට සහයෝගය දැක්වීම සඳහා දියත් කරන ලද්දේ, තනි තනි ණය ගැනුම්කරුවන්ට පමණක් නොව, බිම් මට්ටමේ සිට සාර්ථකත්වයට සහ වර්ධනයට දායක වන සහභාගිවන්නන්ට ප්‍රතිලාභ ලබා දෙන මූල්‍ය සහ සවිබල ගැන්වීම් ක්‍රියාකාරකම් ඇතුළත් පරිපූර්ණ මැදිහත්වීමක් ලෙසය. ග්‍රාමීය වටිනාකම් දාමයන් මුහුණ දෙන අභියෝග ජය ගනිමින් ඒවායේ කාර්යක්ෂමතාව සහ තිරසාර බව වැඩිදියුණු කිරීම සඳහා හඳුනාගත් අගය දාමයන්ට සහාය වීම සඳහා එහි ‘ඉන් කයින්ඩ් ග්‍රාන්ට්’ වැඩසටහන හඳුන්වා දී ඇත.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

කොක්කඩිච්චෝලේ පාරම්පරික සහල් නිෂ්පාදකයන්ට කොමර්ෂල් බැංකුවේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site