
(නිමන්ති රණසිංහ)
උදෑසන රැස්වීම පැවැති අවස්ථාවේදී කෑ ගසා ජාතික ගීය ගායනා කළැයි උරණවී 09 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ හිසට පහර පිට පහර ගැසූ බව කියන හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හංවැල්ල පොලීසිය පවසයි.
පාසලේ ප්‍රධාන රැස්වීම පැවැති ඊයේ 14 පෙරවරුවේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර, එම ගුරුවරයා රැස්වීමෙන් දරුවා පසෙකට ඇදගෙන ‘සද්දේ මදි. තවත් හයියෙන් කෑ ගහලා කියන ලෙසට කියමින්’ හිසට පහර පිට පහර ගසා ඇති බව දරුවාගේ මව කළ පැමිණීල්ලේ සදහන්ව ඇතැයි පොලීසිය පවසයි.
පාසල නිමවීමෙන් පසු නිවසට ගොස් ඇති දරුවා හිසේ කැක්කුම බව කියමින් මවට සිදුවීම පවසා ඇති අතර පසුව අවිස්සාවේල්ල මූලික රෝහලට දරුවා ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ස්ථානීය පරික්ෂණය සදහා අද (15) දින එම පාසලට නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබූ බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුව ඇති බවත් පසුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලීසිය සදහන් කරයි.
හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ඉකුත් සැප්තැම්බර් මස පැවැති ප්‍රදර්ශනයකදී මිනිස් කටහඬට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක රෝබෝ යන්ත්‍රයක් ද නිෂ්පාදනය කර ඇති මෙම සිසුවා ගණීත ඔලිම්පියාඩ් පදක්කම්ලාභී ශිෂ්‍යයෙක් වන බවද වාර්තා වෙයි.
COMMENTS
එහෙමනම් ඔය ගුරුවරයාට සුවකළ නොහැකි ඊර්ෂ්‍යාව නැමති භයානක රෝගය වැළදී ඇතිබව පෙනේ.නොපමාව මානසික වයිද්‍ය වරයෙකුට පෙන්වා ප්‍රතිකාර දීමට හෝ වයිද්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීමට කටයුතු කරන්න ඕන
කෝ අර ගුරු සංගමයේ ගොන් නාම්බා .මානව හිමිකම් යන්නේ නැද්ද ළමයින්ට පහර දෙනවා කියලා ගුරුවරු ..වහා නීතිය ක්‍රියාත්මක කර යුතුමයි .ගුරු වෘර්තිය සමිති අහෝසි කරන්න රජයට බල කරන ජනතාව පෙළගැස්විය යුතුමයි
දැන් ගුරුවරු මැරයෝ වෙලා වගෙයි.
ජාතික ගීය තිබෙන්නේ තොල් මතුරන්නද හඩ නගා කියන්නද
මේක දකින ගුරුවරුන්ගේ බිරින්දෑවරුන්ට....... රෑට හොඳට තම ගුරු සැමියාගේ තුවක්කු වලට බයේ පොලිෂ් කරහල්ලා . නැත්නම් ඊළඟ දවසේ ඒ ඇරියස් කවර් වෙන්නේ අහිංසක දරුවොන්ගෙන්....
මට එන කේන්තියට මේකේ මට පල කරන්න බැහැ වචන .නීතියෙන් ඕකට අච්චු කරන්න .ඕනේ අඩුම ගානේ ඔකාගේ වෘෂණ කෝෂයක් අරන් දාන්න ඕනේ .සිහිය තියෙද්දී
කෑ ගසා ජාතික ගීය කීවානම් ඒකත් හොද වැඩක් නෙමෙයි නේද?
කරුණාකර ගුරුවරයා වසරක අනිවාර්ය නිවාඩු සඳහා යවා ප්‍රතිකාර සඳහා උපදේශක මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන්න.
ලමයට ගහපු එක හොදවැඩක් නේඩද අනික ඔලුවට, එ දරුව රටට වටින දරුවෙක්, ඔයා ගුරුවරයෙක් නොවුනෙ වාසනාවට
දක්ෂ දරුවෝ ගැන අවභෝධයක් නැති මේ වගේ අය ගුරු වෘතියට කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.
රජයේ අනෙකුත් සේවකයින්ට නොමැතිව ගුරුවරුන්ට වැටුප් හොඳ හැටි වැඩි කළා... ගුරුවරුන්ට වැඩ නෑ. 1.30 ගෙදර යනවා. ටියුෂන් කරකර ඉන්නවා. මේ අයට නම් විකාර...!
අනිවාර්යයෙන්ම ඔය ගුරුවරයා මොලේ කොලොප්පම් වෙච්චි, ඉරිසියාවෙන් පෙළෙන කෙනෙක් වෙන්න ඕනෑ. මේ වගේ අය ගුරු වෘත්තියට නිගාවක්. මේ අයට නීතිය ක්‍රියාත්මක කරලා දැඩි දඬුවම් දෙන්න.