
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම වරද යළි ඇති නොවීමට සියලුම පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීය.
මෙරට ස්ථාපිත පළමුවන සහ පැරණිතම රාජ්‍ය ඔසුසල වන කොළඹ 07රාජ්‍ය ඔසුසලට වසර 51 පිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
“ඔබේ නගරයටත් ඔසුසලක් ” ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය ඔසුසල් නොමැති නගර වල කඩිනමින් රාජ්‍ය ඔසුසල් ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හිතන්නෙ හැම නගරයකම ඔසුසල් පිහිටවිමෙන් ඔෞෂධ සැපයීම සාර්ථ වේවි කියලයි...හරියට හාල් පොල් නැති සතොස වගේද....
ඔසුසැල් පිහිටුවීම හොඳ අදහසක් .රාජ්‍ය ඔසුසල් රෝහල් පරිශ්‍රයේම පිහිටුවීම මගින් රෝහල් වලින් ඖෂධ ගන්න අයට ඖෂධ බෙදා අහ්රීම සිදුකළහැකි වෙනවා