(අංජුල මහික වීරරත්න)
ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වන විට කැමැත්ත පළකොට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කරන ලද කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඖෂධ හිඟය සම්බන්ධයෙන් අසීරුම කාලය තවත් මාස තුනක් පමණ පැවතිය හැකි බව කී විජයවර්ධන මහතා ලෝක බැංකුවෙන් සහ ආසියා සංවර්ධන බැංකුවෙන් පොරොන්දු වූ මුදල් රටට ලැබුණු පසු ඖෂධ සැපයුම යථාවත් කිරීමට හැකි වන බවද සඳහන් කළේය.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ ආධාර රටට ලැබෙන තුරු අවශ්‍ය ඖෂධ සපයා ගැනීම සඳහා ආධාර කිරීමට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බව කී රුවන් විජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් තමා ඉන්දීය මහ කොමසාරිස්වරයා ද හමු වී සාකච්ඡා කළ අතර ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතැයි ද පැවසීය.
සමහර ඖෂධ කොළඹින් පිට පළාත් වලට යැවීමේ ප්‍රමාදයක් ඇතැයි ද නව සෞඛ්‍ය අමාත්‍යවරයෙක් පත් ව ඇති හෙයින් එම ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කරන බව රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව තේරුම් ගන්න අමාරුයි... පිටරටවලින් ආධාර ගන්න දැන් අපි ඉන්දියාවෙන් අහලා ඉන්න ඕනැද?
දැනට අගමැති පත්වෙලත් දින 10 ක් ගතවෙලා අවසන්. අගමැති ධුරය බාරගත්තු දා ඉඳන් කියනවා රටවල් ගණනාවකින් යහපත් ප්‍රතිචාර කියලා. මෙතන යහපත් ප්‍රතිචාර, කැමැත්ත පලකරලා පමණක් ප්‍රමාණවත් නැහැ. ඒකත් මාස තුනක් පමණ අසීරුම කාලයලු.. සමහර ඖෂධ කොළඹින් පිට පළාත් වලට යැවීමේ ප්‍රමාදයක්ලු. මොකද්ද මේකේ තේරුම? කාවද රවට්ටන්නේ...?