
(යොහාන් භාසුර)
රෝගීන්ට අවශ්‍ය උපකරණ සහ ඖෂධ රෝහල්වලට විධිමත්ව සපයා නොමැති යැයි වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට යොමු කළ ලිපියකින් තහවුරු වන බව සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
රෝහල්වල ඖෂධ නොමැති නම් රෝගීන් ලවා පිටතින් ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතියක් වන ලකුණු පහළ වෙමින් ඇති බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය යොමු කළ ලිපිය මගින් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න පහක් සදහා පිළිතුරු ඉල්ලා ඇති බවත් ඒ මහතා කීය.
ඒ අනුව රෝගියාට හෝ ඥාතියාට බෙහෙත් වට්ටෝරු පිටතින් ගන්න කියන්න පුළුවන්ද, මෙම දේවල් මිලදී ගන්න පුළුවන් ස්ථාන දැනුම්දෙන්න පුළුවන්ද, බාහිර රෝගී අංශවලට එන අයට වට්ටෝරු දිය හැකිද? නැත්තං ඒකට සෞඛ්‍ය පරිපාලක අනුමැතිය අනිවාර්යද, රෝහල්වල නොමැති රසායන පරීක්ෂණ පිටතින් කරවන්න වට්ටෝරු දිය හැකිද සහ ඖෂධ, උපකරණ, පරීක්ෂණ නොමැති බව රෝගියාට හෝ ඥාතීන්ට දන්වන්න පුළුවන්ද එම ප්‍රශ්න පහ බව ද ඔහු සඳහන් කළේය.
එවන් තත්ත්වයක් තිබියදී පවා, රෝගීන් ලවා විවිධ ද්‍රව්‍ය බාහිර ආයතනවලින් මුදලට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බවට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හංසක විජයමුණි ප්‍රකාශ කර තිබු බවද කුමුදේශ් මහතා සඳහන් කළේය.
ඖෂධ මිල පාලනය සහ සැපයීම් විධිමත් කිරීම සඳහා මිල කමිටු පිළිබඳව ගැටලුව විසඳුවා යැයි හංසක විජේමුණි ඇමතිවරයා කිව්වට ඒක වෙනත් විදිහකින් ඉස්සරහට ගේන්න මේ වෙලාවේ උත්සාහ කරමින් සිටින බව කී රවී කුමුදේශ් මහතා අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා තෝරාගැනීමේදී සමාගම් කිහිපයකට ප්‍රමුඛතාවය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වූ බව ඖෂධ සමාගම් කිහිපයක් ඇතුළත් සංගමයක් සෟඛ්‍ය අමාත්‍යවරයාට යොමු කර ලිපියක සඳහන්ව ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ කාලයක් බාහිර හා නේවාසික රෝගීන්ට පිටතින් ඖෂධ රැගෙන එන්න තුණ්ඩු ලියලා දුන්නේ ඇමැතිවරුන්ගෙන් අහලාද, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියගේ කේස් එකට දොස්තරලාට හා ඔවුන් එක්ක හැමදාම මරා ගත්ත අතුරු වෛද්‍ය සේවයේ කුමුදේෂ්ටත් හොඳම රිදිලා වගේ? දැන් නයි, මුගටි එක කොටේ උඩ නැගලා රවි කුමුදේෂ් විශේෂඥ වෛද්‍යවරුන්ගේ රෙදි හෝදනවා මහ දවල්...!
දැන් රවී කුමුදේශ් වෛද්‍ය විශේෂඥයෙක්ද? රසායනාගාර කාර්මිකයෙක් ගිය උඩක්...
වැඩ තහනම් කෙනෙක් රජය ගැන විවේචනය කරන්නේ කොහොමද?
සෞඛ්‍ය ඇමතිතුමා , හම්බන්තොටත් විශාල රෝහල් සංකීර්ණයක් තිබෙනවා නමුත් , ඒකේ බෙහෙත් සහ දොස්තර හිඟයක් තිබෙනවා විශාල වියදමක් දරල තබුත්තේගම තට්ටු 6 රෝහලක් අලුතෙන් හදන්න ඉස්සර වෙලා , දැනට තිබෙන රෝහල් වලට අවශ්‍ය බෙහෙත් ටික අරගෙන දෙන්න , බිල්ඩින් තිබුනට පමණක් මදි , රෝගීන්ට ප්‍රතිකාර කරන්න දොස්තර වරු සහ බෙහෙත් අවශ්‍ය වෙනවා , කරුණාකර රජයේ විශ්ව විද්‍යාල වලින් පුහුණු කරන වෛද්‍ය වරු ප්‍රමානය දෙගුණ කරන්න , එහෙම කරන්න රජයට මුදල් නැතිනම් නිසි නියාමනයක් යටතේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල විවෘත කරන්න කටයුතු කරන්න
මෙතන අවුල තිබෙන්නේ රවී කුමුදෙෂ්ගේ නොවේ රෝහල් පරිපාලනයේ , රෝහල් වල ක්‍රියාත්මක වන විවිධ මාෆියා නිසා රෝහල් වල බෙහෙත් නැහැ , ජනතාවට සපයන සේවය ගැන සැහීමකට බැහැ . විපක්ෂේ ඉන්න කොට මාලිමාව මේ ප්‍රශ්න පිළිබඳව කතා කලා නමුත් දැන් බලයට පත්වුනාට පස්සේ මේ තත්වේ වෙනස් කරන්න කටයුතු කරන බවක් පෙනේනේ නැහැ