
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට ගමන් ආරම්භ කර තිබේ.
අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම, ජන ජීවිතය ඇති අවදානම සහ සෞඛ්‍ය සේවාව කප්පාදු නොකරනු යන කරුණු මුල් කර ගනිමින් මෙසේ විරෝධතා පවත්වනු ඇත.
මෙම විරෝධතාවය හේතුවෙන් ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට සුළු රථ වාහන තදබදයක් ඇති වී තිබේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. නමුත් ඔය කට්ටිය කලින් කලට එක එක හේතූන් නිසා වැඩ වර්ජන කරපු වෙලාවේ ජන ජීවිත මරු කටට ගියේ නැද්ද? රෝහල්වල බෙහෙත් ඇතුළු නොයෙකුත් දේ තම තමන්ගේ පෞද්ගලික සායන වලට ගියේ නැද්ද? පව් නොකළ තැනැත්තෙක් පළමු ගල ගසනවා නම් තමයි හොඳ.. කොහොම වුණත් සමස්ථයක් විදියට මේ වෙලාවේ ඔබලා එළියට ආපු එක හොඳයි. ඒ අතර රෝහල්වල ඉන්න රෝගීන් ගැනත් බලන්න...
අගයකළ යුතුයි. මේ මොහොතේ සියලු දෙනා මේ සටනට එක්විය යුතුයි. අනවශ්‍ය දේට යොදවන මුදල් අහිංසක මහජනයාගේ ජීවිත සුරැකීමට යෙදවිය යුතුයි. සෞඛ්‍යයට ප්‍රතිපාදන කප්පාදු නොකළ යුතුයි. මන්ද අහිංසක ජනතාවට මවුන්ට් එළිසබෙත් යන්න බැරි නිසා...!
අර 225 ට නම් ඔය ප්‍රශ්න නැහැ. මොකද, ඒ අයට ලෙඩක් හැදුනොත් මහජන බදු මුදලින්ම සින්ගපුරුවට ගිහින් බෙහෙත් ගන්ට පුළුවන්නේ.
කඩේ ගිහින් ජනතාවත් නොමග යැව්වා...!
රජය දැන්වත් තේරුම්ගන්න. හැමපැත්තෙන්ම රට කඩා වැටිලා... පුළුවන් කෙනෙක්ට කරන්න කියලා පාර්ලිමේන්තුව විසුරුවන්න.