IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාව කඩුලු 5කින් ශ්‍රී ලංකාව පරදවයි

(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි  තරඟය ලෙස ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) පැවති තරඟයේදී ඕස්ට්‍රේලියානු පිල කඩුලු 5 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය.

මෙය ඔස්ට්‍රේලියානු පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 3කදී ලැබූ පළමු ජයග්‍රහණය වන අතර ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරඟ තුනම පරාජයට පත්විය.

ඕස්ට්‍රේලියානු පිල ලකුණු 210 ක ඉලක්කය ඕවර 35.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 43.3 කදී සියලු  දෙනා දැවී 209

(පැතුම් නිස්සංක 61, කුසල් පෙරේරා 78, චරිත් අසලංක 25,  මිචෙල් ස්ටාක් 43/2, පැට් කමින්ස් 32/2, ඇඩම් සම්පා 47/4)

ඕස්ට්‍රේලියනු පිල ඕවර 35.2 කදී කඩුලු 5 ට 215

(මිචෙල් මාෂ් 52, මානස් ලැබුෂේන් 40,  ජෝෂ් ඉන්ලිස් 58,  ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 31,  මාකස් ස්ටොනිස් නොදැවී 20, ඩිල්ෂාන් මධුසංඛ 38/3)

 



අදහස් (6)

ඕස්ට්‍රේලියාව කඩුලු 5කින් ශ්‍රී ලංකාව පරදවයි

NIHAL DHARMATILEKE Monday, 16 October 2023 11:25 PM

අපේ කණ්ඩායමට ක්‍රිකට් ගහන්න බෑ...

:       0       0

Rasi Tuesday, 17 October 2023 04:10 AM

කමක් නැහැ, ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රිකට් සංගමය, දැන් යන විදියට UN එකේ වෙනම රටක් හැටියට සාමාජිකත්වය ගනියිද දන්නෙත් නැහැ. ඒ තරම් ස්වාදිනයි! මේ රටට දෙවියන්ගේම පිහිටයි!

:       0       0

කිරිපුතා Tuesday, 17 October 2023 09:25 AM

අපේ කණ්ඩායමට අවශ්‍ය අර්ජුන වගේ හයියක් තියෙන නායකයෙක්... එතකොට කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මානසික නිදහසින් සහ ශක්තියකින් ක්‍රීඩා කරනවා. බෝන් එගේන් වගේ තිරස්චීන ප්‍රශ්න දාන්නත් බෑ කාටවත්. ඒ වනතුරු මේ පරාදය අපට උරුම වේවි.

:       0       0

Shantha - Qatar Tuesday, 17 October 2023 10:52 AM

අද දිනයි, ඊළඟ එක දිනයි කිය කියා අපිත් බලනවා. දැන් නම් එපාවෙලා තියෙන්නේ...

:       0       0

සිලෝන් ක්‍රිකට් Tuesday, 17 October 2023 04:47 PM

අපේ උන්ට වහාම විටමින් දෙන්න.ඔය සුද්දෝ කන විදිහට හැම් ,බේකන් ,සොසේජස් .. ඒගොල්ලන්ට හොඳවුනාට,අපේ යට ඒවා දිරවන්නේ නැහැ.බොරුවට පොෂ් එක විතරයි.මුන්ට ගහලාහරි කමක් නැහැ අල බතල කවලා හදලාගන්න.හැබැයි දැන් වැඩක් නැහැ, මුන් ඔක්කොම ලෙඩ්ඩු.පැරදිලා මෙහෙනම් එන්න එපා , * ගහනවා . a

:       0       0

Kazi Shajahan Tuesday, 17 October 2023 04:55 PM

ඉක්මනට වරෙල්ලා කොල්ලනේ ලංකාවට බොරු ලෙඩක් හරි හදාගෙන .තවත් පච වෙන්නේ නැතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site