(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවේ අංගයක් වන හෙයින් ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ මොහොතේ භාණ්ඩවල කෘත්‍රිම හිඟයක් මවා පෙන්වීම අශිෂ්ට ක්‍රියාවක් බව කිව යුතුයි.
ඕනෑම නීතියක් පනවා මෙයින් ජනතාව ආරක්ෂා කිරීමට රජයට වගකීමක් තිබෙනවා.පක්ෂ පාට බේද නොබලා වෙළඳ මාෆියාව අප මර්දනය කරනවා. අද විපක්ෂය කරන්නේ රජය සමග එකතු වී වෛරසය විනාශ කිරීම නොව වෛරසය සමඟ එකතු වී රජය විනාශ කිරීමට උත්සාහ කිරීමයි"යනුවෙන් ද සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට නීති දාන්න ඕනි නෑනේ .. යාලුවෝ ටිකට හවස කිව්වම ඉවරයිනේ. මචන්ලා ඔය මදැයි දැන් ගහගත්තා කියලා.
හැබෑට ?
අලුතින් නීති පැනවීමක් නොකලොත් අවුරුදු සිය ගණනක් මේ රටේ ක්‍රියාත්මක වුන අදටත් වලංගු නීති තියෙනවා ඒවා හරියට ක්‍රියාත්මක නොකිරීම ඇති ගැටලුවයි.
ලංකාව ගොඩගැනීමට නම් හරි සිස්ටම් එකක් තියෙන්න ඕන. දවසින් දවස බඩු මිල වෙනස් කරනවා.
මුලින්ම විධායක ජනාධිපතිධූරය ඕන කිව්වා රට කරන්න. ඊට පස්සේ කිව්වා ඒක මදි තුනෙන් දෙක ඕන කියලා. ඊට පස්සෙ කිව්වා ඒකත් මදි 20 වෙනි සංශෝධනය කරලා තව බලතල ඕන කියලා. ඊට පස්සෙ කිව්වා ආර්ථිකය මෙහෙම කරන්න බෑ, ආර්ථිකය හසුරවන්න සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා, එයාව ඕන කියලා, ඕන් එයාවත් ගෙනවා. දැන් කියනවා බඩු මිල පාලනය කරන්න, වෙළඳ මාෆියාව මඩලන්න තව විශේෂ බළතල ඕන කියලා. දැන් ඒකත් දුන්නා. අනේ මන්දා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ ඕක කරන්න බැරි නම් ළමයෙකුට දීලා පැත්තකට වෙන්න මහත්තයෝ!!!
මොන නීතිය දැම්මත් වැඩක් නැහැ මිනිස්සු අසරණයි.
අනේ මගේ කට, මේ රටේ ආණ්ඩුව -මාෆියාව කියා දෙකක් නැහැ , දකෙම ඔයාලා තමා යාළුවන් ලවා ගෙන්වනවා, හදිසි නීති දානවා, ගබඩා අල්ලනවා ...එත් බඩු නේ ...මාර වැඩේ ලංකාවට උනේ .. තව කොච්චර මෙහෙම රවටන්නේද ...
දැන් බබාලා වෙනවා.
ඔව්.ඔව්. අනාගතේ හිරේ යන්න බලාගෙනම ඕවා කරන්න. අනිවාර්යෙන්ම එදාට ඇඩ්රස් නැතිවෙන බව දැනගෙන ඉන්න.
මේ ඉන්නේ මේ ආන්ඩුවේ ඉන්න තවත් අසාර්ථකම ඇමතිකෙනෙක්. පම්පොරි ඔස්තාර් කෙනෙක්.
20 හා 2/3 බලය දැන් ප්‍රයෝජනයට ගන්න කාලේ හරි. ඕනෑම නීතියකට අපෙන් මොරාල් සපෝට් එක ලැබෙනවා.
හරකා හැමතිස්සෙම හිතනවාලු අනික් වත්තේ තණකොළ හොඳයි කියලා .
හොඳටම කරනවා කියලා කියවනවා විතරයි. කෙරිල්ලක් නැහැ.
මේ මිනිසුන් කට ඇරියොත් කියන්නෙ බොරු , හංගපු සීනි අල්ලල රාජ සන්තක කරනව කියල හංගපු අයටම සල්ලි ගෙවල සීනි ගන්නවා. මොන රටේද මේ වගේ දේවල් කරන්නෙ. මොකද හංගපු අය මේ ගොල්ලන්ගෙ ගජ මිතුරු කල්ලියෙ මිනිස්සු. මෙයාට බලෙ දුන්න මිනිසුන්ට දැන්වත් තෙරුම් ගියොත් හොදයි අපට වැරදුනා කියලා.
මහාපරිමාණ ගජමිතුරු මාෆියා ව්‍යාපාරික කල්ලි ඉදිරියේ නැට්ට බඩ යට ඉන්න ඇමතිලා තමයි මේ කුඩා වෙළෙන්දන්ට නැට්ට උස්සලා සද්දේ දාන්නේ? අනේ අපි නොදන්නවයි ඔය මහලොකු කෙරුවාව? ගෑස්, සීනි, හාල් මාෆියාව ගැන අපි නොදන්නවා කියලා වෙන්න ඇති මොහු හිතාගෙන ඉන්නේ...
තාම ඔයාගේ පින්තූරෙ විතරයි දැක්කේ...
හරියට හරි. ඔහොම තමා කරන්න ඕනෑ. ජයවේවා.
නිකන් කියවනවා විතරයි