(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
රාජාංගනය ප්‍රදේශයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පරීක්ෂාකර බැලීමට ගිය රාජාංගනය පොලිස් ස්ථානාධිපති වරයාට එම සංගීත සංදර්ශනය සංවිධානය කළ බව කියන කෝටිපති ව්‍යාපාරිකයා මරණීය තර්ජනය කළේ යැයි කියමින් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර ඇත.
මෙවැනි ආකාරයට මරණ තර්ජනය කළේ යැයි කියන සංගීත සංදර්ශනය සංවිධානය කළ කෝටිපති ව්‍යාපාරිකයා තවත් කිහිප දෙනකු සමඟ පැමිණ ඇතැයි පොලිසිය පවසයි.
සාමය කඩවීමක් ඇතිවිය හැකි යැයි සිතා ඒ මොහොතේ මෙම කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර නොමැති බව ද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට මෙවැනි ආකාරයට මරණීය තර්ජනය කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඕ.අයි.සීට පාට් දැමූ ව්‍යාපාරිකයකු අල්ලන්න සොයයි
C.K.Lankaputhra Tuesday, 25 July 2023 01:08 PM
අත්අඩංගුවට ගන්න, අත්අඩංගුවට ගන්න, අත්අඩංගුවට ගන්න, එවුවා....හ...වෙයි. එක්කො ඕන නෑ.
Ruwan Tuesday, 25 July 2023 03:48 PM
මේ අර කෝමාරිකා හොරා නේද?