
(යොහාන් භාසුර)
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ විශේෂ පුස්තකාලයක් සහ විවේකාගාරයක් ස්ථාපිත කිරීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) උපදෙස් දුන්නේය.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ප්‍රමාණය ජනගහනයෙන් සියයට 8 ක් බවත් දෘෂ්‍ය ආබාධ සහිත, ශ්‍රවණ ආබාධ සහිත, කථන ආබාධ සහිත සහ වෙනත් විවිධ විශේෂ අවශ්‍යතා සහිත පිරිස් එම පිරිසට අයත් බවත් අමාත්‍යවරයා කීය.
මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය අපේ රටේ දෘෂ්‍යාබාධිත සහ වෙනත් විශේෂ අවශ්‍යතා සහිත ජනතාවට ද අපහසුවකින් තොරව පරිහණය කළ හැකි පරිදි සැලසුම් කර තිබෙන බවත් ඔවුන්ට ගමන් කිරීමේදී දිශාව හඳුනාගැනීමට හැකි පරිදි බිම් සළකුණු ඇතුළු දියුණු පහසුකම්වලින් එම පරිශ්‍රය සමන්විත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් අමත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ උපදෙස් දුන්නේය.





2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔබ ගැන අප අවදියෙන්
Perera Tuesday, 18 October 2022 06:21 AM
බොහොම ලස්සනයි. හැබැයි ලංකාවේ බොහෝ දේවල් වගේ පිටින් ඔපේ යටින් හපේ.
janahitha UAE Tuesday, 18 October 2022 09:06 AM
මෙතන බුලත් කෙළ ගහන්න තැනක් නැහැ විටක් කන්න විදිහක් සලස්වා දෙන්න.