IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඔන්ලයින් ප්‍රේමය උඩු දුවලා

(රංජිත් රාජපක්ෂ)

පාසල් සිසුවියක රවටා ගෙන රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව  ලිදුල පොලිසිය කියයි.

මුහුණු පොත ඔස්සේ හදුනා ගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව එම තරුණයා එම පාසල් සිසුවියට (15) දින නානුඔය දුම්රිය ස්ථානයට මුණ ගැසීමට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බව ලිදුල පොලිසිය කියයි.

පාසල් සිසුවියගේ මව ගෘහ සේවයට විදේශගත වී ඇති බවත්, තමා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පාලිත නන්දසිරි මහතා වහා ත්‍රියාත්මක වී පාසල් සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතාගේ උ‍පදෙස් පරිදි හපුතලේ ප්‍රදේශයට ගොස් සැකකරු පාසල් සිසුවිය සමග  අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (2)

ඔන්ලයින් ප්‍රේමය උඩු දුවලා

MDO Saturday, 19 July 2025 08:31 AM

දෙමාපියන් ගැනත් කනගාටුයි. ඔවුන් දරුවන් උස් මහත් කරන්න අධ්‍යාපනය හොඳට දෙන්න දරුවන්ගේ ආශාවන් මුදුන් පත්කරන්න කොච්චර මහන්සියෙන් හම්බකරනවද? ශ්‍රමය ධනය ඔවුන්ගෙන් තරුණ වැඩිහිටි කාලය කොච්චර වැය කරනවාද? විදේශ ගත මාපියන් සියල්ලක්ම වාගේ මේ දේවල්වලට අඩුවැඩි වශයෙන් මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කරනවා නේද දරුවනේ? ඵහෙම අම්මා තාත්තා වැඩිහිටියන් හිතවතුන්ව මිතුරු මිතුරියන්ව රිද්දන රවටන බොරු කියන දරුවන්ට තිරිසන් අමානුෂික හදවතක් තියෙන දරුවෙක් කියලා කියන්න පුළුවන් නේද? ඵහෙම නැත්නම් ඇය හෝ ඔහු වසලයෙකි.

:       0       6

hussain ubaid Saturday, 19 July 2025 09:54 AM

ශ්‍රී ලංකා පොලීසිය අංක 01 ...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site