(යොහාන් භාසුර)
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ සතොස අළෙවිසල්වලින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට වැඩසටහනක් සකස් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සතොස ක්ෂණික ඇමතුම් අංකය වන 1998 ට ඇමතීමෙන් හෝ http://www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් රුපියල් දහසේ හෝ පන්දහසේ භාණ්ඩ මලූ හෝ වෙනත් භාණ්ඩ ඇනවුම් කළ හැකි බවත් අමාත්‍යවරයා කියයි.
අමාත්‍යවරයා පැවසුවේ සතොස වෙබ් අඩවියේ භාණ්ඩ සහ ද්‍රව්‍ය 114 ක් ඇතුළත්ව ඇති බවත් එම ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කළ හැකි බවත්ය.
වෙළෙඳ අමාත්‍යංශයේදී අද (28) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමෝ, මේ රටේ ඔය ඔන්ලයින් එක තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද?. තියෙන එකාටත් ඩේටා දා ගන්න සල්ලි නෑ. ඔය දෙකම තියන සමහර ගම්වලට සිග්නල් නෑ. ඔය කෙහෙල්මලක් කතා නොකර ලොරි වලින් ගෙනැල්ලා විකුණන ක්‍රමයක් හදන්න. නැත්තම් වැඩි දෙනෙකුට වෙන්නේ කොරෝනාවෙන් නෙවෙයි හාමතේ මැරෙන්නයි.
ඇස්දකෙනේ දැක්කත් ගනන හිතනේනැති නැති බඩු පින්තුරයක් බලල කොහොම ගන්නද
වැඩ කරන්නේ නැති වෙබ් ඇඩ්‍රස් දීලා.. බොරුවමයි හැමදාම.. සර් මේවා ප්‍රකාශයට කලින් සත්‍ය බව තහවුරු කරන්නේ නැද්ද?
සයිට් එක වැඩකරන්නේ නැහැනේ..
මෙච්චර කාලයක් කිසිම වැඩක් ගන්නෙ නැතුව ගෙදර අහුමුල්ලක මකුළුදැල් බැඳි බැඳී තිබ්බ ඇපල් මැක් ප්‍රෝ එකෙන් දැන් මොකක්හරි වැඩක් ගන්න අනගි අවස්ථාවක් ඇවිත් කියල අපේ හද්ද පිටිසර ගමේ අබිලිං සීයටයි අල්ලපු වැටේ සීලවතීටයි දැන් හරි සන්තෝස ඇති.
වැඩ බැරි බොරුවෙන් ජීවත්වන මේ වගේ අය දැන්වත් ගෙදර යවන්න.
ඔහෙලගේ නිවෙස්වලටද? අපේ නිවාස වලටද?
සයිට් එකත් හිර වෙලා...