(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ ඔක්කොම හොරකම් එකතු කරලා බැලුවත් ගල් අඟුරු හොරකමට කිට්ටු කරන්න බැරි බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජ.බ)

 පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ හොරකම වහන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා ලොකු උත්සාහයක් ගත්තා.නමුත් ඒක සාර්ථක වුණේ නැහැ.මම මේක දකින්නේ සීමාවක් නැති හොරකමක් හැටියට.දැනට ගණනය කරලා තියන හැටියට මේක රුපියල් බිලියන තිහක හොරකමක්.මෙච්චර කල් කිව්වේ ලොකුම හොරකම මහ බැංකු හොරකම බවයි.ලංකාවෙ ඔක්කොම හොරකම් එකතු කරලා බැලුවත් ගල් අඟුරු හොරකමට කිට්ටු කරන්න බෑ.ටෙන්ඩරය නිවැරදි බව අනුර ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා.හැබැයි ඒ ගල් අඟුරුවල කොලිටියය බාලයි.ජනාධිපතිගේ කතා ශෛලියෙන් රටේ මිනිස්සු රවට්ටන්න බෑ.ටෙන්ඩර් කරු ලියාපදිංචිය හරියට නොකර මෙය පටන්ගෙන තිබෙන බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.